ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමට 2017 වසරේ පමණක් පැමිණිලි 116ක්

  👤  3145 readers have read this article !
By mawbima 2018-09-19

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ 2017 වාර්ෂික වාර්තාවට අනුව පසුගිය 2017 වසර තුළදී ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම වෙත පැමිණිලි 116ක් ලැබී ඇති බවත් ඒ අතරින් පැමිණිලි 76ක් ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ විෂය පථයට අදාළ වලංගු පැමිණිලි වන අතර ඉන් පැමිණිලි 29ක් සඳහා විසඳුම් දීමට හැකි වූ බවත් ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම සඳහන් කරයි.
ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ වාර්ෂික මහ සභාව පසුගිය 12 වැනිදා ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි ආයතන ශ්‍රවණාගාරයේදී පැවැති අතර එම කොමිසමේ 2017 වාර්ෂික වාර්තාව එහිදී ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ ප්‍රධාන විධායක නිලධාරි සුකුමාර් රොක්වුඩ් මහතා මේ බව ප්‍රකාශ කර ඇත.
ඊට අමතරව ශ්‍රී ලංකා පැමිණිලි කොමිසම සමඟ සහයෝගයෙන් කටයුතු කරන කර්තෘවරු වෙත අගතියට පත් පාර්ශ්ව විසින් ඉදිරිපත් කර ඇති පැමිණිලි 262ක් පිළිතුරු දීමේ අයිතිය යටතේ ඔවුන් ඍජුවම විස¼දාගෙන ඇති බවද රොක්වුඩ් මහතා මෙහිදී ස¼දහන් කර තිබේ.
සමථකරණය, මැදහත්කරණය හා බේරුම්කරණය යන මූලධර්ම යටතේ කටයුතු කරන ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම ආරවුල් නිරාකරණ මණ්ඩලයකින් සමන්විත වේ. එම අරවුල් නිරාකරණ මණ්ඩලය ජනමාධ්‍ය නොවන සිවිල් සමාජ නියෝජිතයන් හය දෙනෙක් සහ ජනමාධ්‍යවේදීන් පස් දෙනකු ඇතුළු සමාජිකයන් 11 දෙනකුගෙන් සමත්විත විය.
පුවත්පත් කර්මාන්තයේ ස්වේච්ඡා ස්වයං නියාමන ආයතන වන ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම සඳහා ශ්‍රී ලංකා පුවත්පත් හිමිකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා කර්තෘ සංසදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, ශ්‍රී ලංකා දෙමළ මාධ්‍ය සංසදය, දකුණු ආසියානු නිදහස් මාධ්‍ය සංගමයේ ශ්‍රී ලංකා පාර්ශ්වය හා මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය වැනි වෘත්තීය සමිති ඇතුළු මාධ්‍ය සංවිධානවල සහයෝගය ලැබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon