ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නේ කොහොමද?-ටී.එන්.ඒ. මන්ත්‍රි චාල්ස් නිමලනාදන් ප්‍රශ්න කරයි

  👤  3177 readers have read this article !
By mawbima 2018-09-19

ලක්‍ෂ්මී ජයකොඩි

ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනතට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නොහැකි ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නේ කෙසේ දැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි චාල්ස් නිමලනාදන් මහතා ප්‍රශ්න කරයි.

මන්ත්‍රිවරයා පෙන්වා දෙන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් ලබා ගැනීම සැක සහිත බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව පනතක් ගෙන ඒම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද කීය.

ත්‍රස්තවාදය මෙරටින් සම්පූර්ණයෙන්ම තුරන් කරන බව මෙරට නායකයන් සපථ කර ගනිමින් සිටිනවා. ත්‍රස්තවාදය අවසන් කරන අවස්ථාවේදී සිටි යුද හමුදාපතිවරයා අද අමාත්‍යවරයකු ලෙස කටයුතු කරනවා.
යුද්ධය අවසන් වීම නිසා මෙම පනත අවශ්‍ය නොවන බැවින් එය ඉවත් කර ගන්නා ලෙස දෙමළ ජාතික සන්ධානය මෙන්ම ජාත්‍යන්තරය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා.
නමුත් ආණ්ඩුව එය දිගින් දිගටම ප්‍රමාද කරමින් සිටිනවා.

කෙසේ වෙතත් නව පනතට කැබිනට් අනුමැතිය ලබාගත නොහැකිව තිබෙනවා.
කැබිනට් මණ්ඩලයේ සිටින්නේ ආණ්ඩුවේම ඇමැතිවරුන් එසේ තිබියදී පනතක් සම්මත කරගත නොහැකි ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කර ගන්නේ කෙසේද?

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon