බීරවළේ දිය නෑමට ගොස් සිහිසුන් වනතුරු මත්පැන් බිවූ සිසුවා රෝහලේ

  👤  3218 readers have read this article !
By mawbima 2018-09-19

ඇටම්පිටිය - රත්න වීරසිංහ

උපකාරක පන්ති යන මුවාවෙන් නිවෙස්වලින් පිටව ඇල්ල පොලිස් වසමට අයත් දෙමෝදර ප්‍රදේශයේ පිහිටි බීරවළ නම් ස්ථානයේ විනෝදය පිණිස දිය නෑමට ගිය පාසල් සිසුන් පිරිසන් එහිදී මත්පැන් පානය කිරීම නිසා අධික ලෙස මත්වී සිහිසුන් වූ එක් සිසුවකු ඉකුත්දා (16දා) ඇල්ල පොලිසිය මඟින් දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එමඟින් බදුල්ල මහ රෝහලට මාරුකර යවා තිබේ.
මෙසේ රෝහල් ගතකර ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකි.

බණ්ඩාරවෙල සහ දියතලාව ප්‍රදේශවල පිහිටි ප්‍රසිද්ධ පාසල් දෙකක ඉගෙනුම ලබන වයස අවුරුදු 19ක පමණ පසුවන සිසුන් දස දෙනකු මෙම ගමනට එක්ව සිට ඇති අතර ඔවුන් අදාළ ස්ථානයට පැමිණ විනෝද වී යම් මත්පැන් වර්ගයක් පානය කොට ඇතැයි පැවැසේ. එහිදී අධික ලෙස බීමත්ව අසාමාන්‍ය ලෙසින් හැසිරුණු මෙම සිසුන් පිරිස දුටු ප්‍රදේශවාසියකු ඒ පිළිබඳ 119 පොලිස් හදිසි ඇමතුම් අංකය හරහා කළ දැනුම් දීමක් අනුව පොලිසිය විසින් ක්ෂණිකව මෙම පිරිස සොයාගෙන සෙසු ළමයින්ට අවවාද කොට නිවෙස්වලට පිටත් කර යවා දැඩි ලෙස මත්වී සිටි සිසුවා රෝහල්ගත කර ඇත.

ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඒ.එම්.එම්.කේ. අලගියවන්න මහතාගේ උපදෙස් මත පොලිස් හදිසි ඇමතුම් අංශයේ පො.සැ. බණ්ඩාර (28582), පො. කො. දේශප්‍රිය (13018) යන නිලධාරීන් විසින් වැටලීම කර ඇති අතර ඇල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon