නිවෙසක සිහිනය සැබෑ කරගන්න උදවු ඉල්ලන මවක්

  👤  3115 readers have read this article !
By mawbima 2018-09-19

අතුර - ජයසේන

දසක තුනක් තිස්සේ දිවා රාත්‍රි නිවෙසක සිහිනය දකිමින් පසුවන අගලවත්තේ, කෙළින්කන්දේ මවක් තම ඉඩමේ නිවෙසක් ඉදිකර ගැනීමට උපකාර කරන ලෙසට බලධාරීන්ගෙන් ආයාචනයක් කරයි.
ටී. කුමාරිහාමි මහත්මිය (67) මෙසේ කීවාය.

මගේ ගම නුවර. විවාහ වෙලා දරුවෝ ලැබුණට පස්සේ මහත්තයා මාව දාලා ගියා. මම තනිවුණා. තැනින් තැන කුලී වැඩ කරමින් කුලියට ගෙවල්වල වැඩ කළා. දරුවන් විකුණුවේ නැහැ. වැරැදි වැඩ කළේ නැහැ. බෞද්ධ ප්‍රතිපත්තියට අනුව මෙතෙක් කල් ජීවත් වුණා වගේ ඉදිරියටත් ජීවත් වෙනවා.

මට මගේ කියලා ඉඩමක් තිබුණේ නැහැ. නමුත් ඉඩමක් පරිත්‍යාගයක් ලෙස ලැබුණා. ඒ ඉඩම දීපු දානපති නෝනා මහත්වරුන්ට බොහෝම පින්. දැන් ඕනේ එහි ගෙයක් හදා ගන්නයි. මම මේ කෙළින්කන්ද ගමට ආවේ විවාහවීමෙන් පසුවයි.

කොස්ගුලන, කෙළින්කන්ද ග්‍රාම නිලධාරිනී සචිනි මේකලා මහත්මිය.

මේ දුප්පත් පවුලට ගෙයක සිහිනය ඉටුකර දෙන්න කියා මම පින් කැමැත්තන්ට ආයාචනා කරනවා. කුමාරිහාමි මව ග්‍රාම නිලධාරිනී සචිනි මේකලා සහ ගමේ පිරිසක් සමඟ තාවකාලික නිවෙසක් ඉදිකිරීමට කටයුතු කරමින් සිටියදී ගත් ඡායාරූප දසුනක්.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon