කෘෂිකර්මාන්තය හා එල්ලංගා

  👤  3210 readers have read this article !
By mawbima 2018-09-19

ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා සමාජීය සංවර්ධනයේ තෝතැන්න, කෘෂිකර්මාන්තයයි. ලංකාව තුළ ආහාර ආනයනය සඳහා විශාල මුදලක් වාර්ෂිකව වැය කරනු ලබයි. එයින් බොහෝමයක් දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී. 2017 වසරේදී කිරි සහ ආහාර සඳහා ආනයනික පිරිවැය රුපියල් කෝටි 250කට ආසන්න වේ. ශ්‍රී ලංකාව සතුව විවිධාකාර වූ දේශගුණය හා පාංශු වර්ගයන් සහිත කෘෂි පාරිසරික කලාප 24ක් ඇති නිසාවෙන් පසෙහි විවිධ දේශගුණික විපර්යාසයන් සඳහා මුහුණ දීමට හැකි බෝග වගා කිරීමට හැකිය. වසරකට හෙක්ටයාර මිලියන 2.5ක් පමණ වගා නොකළ හා අර්ධ වශයෙන් වගා කරන ලද ඉඩම් ප්‍රමාණයක් ඉතිරිව ඇත. එමෙන්ම මිලියනයකට ආසන්න රැකියා විරහිත පිරිසක් ඉතිරිව සිටියදී වාර්ෂිකව ආහාර බිලියන 250ක් ආනයනය කිරීම අසාමාන්‍ය තත්ත්වයක් ලෙස සඳහන් කළ හැකිය.

මෑත අතීතයේදී ගෘහස්ථ ආහාර ඵලදායීතාව ස්ථිතිකව අඩු වී ඇති අතර බොහෝ බෝගවල සමස්ත නිෂ්පාදනය සහ සාමාන්‍ය අස්වැන්න, අනපේක්ෂිතව පහළ බැස ඇත. ජනගහන වර්ධනයත් සමඟ සංවර්ධන අභිලාෂයන් මුදුන්පත් කිරීම හමුවේ පවතින සමාජ ආර්ථික ක්‍රියාවලියේ දී ජලය ප්‍රබල සාධකයක් වන අතර එය සීමාකාරී සාධකයක් ව පැවැතීම දක්නට ලැබේ.

රජරට වායු ශිෂ්ටාචාරය අතීතයේ සඵල වූවකි. කෙසේ වෙතත්, වර්තමානයේ ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ සැලකිලි යුතු ජන ප්‍රතිශතයකට ජල ගබඩාවක අවශ්‍යතාව පවතී. රටේ උතුරු, උතුරු මැද හා නැඟෙනහිර ප්‍රදේශ පහත් බිම් ආවරණය වන අතර වියළි කලාපයේ, වියළි කාලගුණය මැයි සිට සැප්තැම්බර් දක්වා මාස කිහිපය තුළ ආවරණය වේ. මෙම කාල සීමාව තුළ සීමිත ජල සැපයුම ජය ගැනීම සඳහා, වැව් පද්ධතිය හෝ එල්ලංගා පද්ධතිය යන නමින් නම් කර තිබූ ජල කළමනාකරණ පද්ධතිය අපගේ මුතුන්මිත්තන් විසින් දියුණු කරන ලද්දකි. මෙම වකවානුවේ දී, එක් එක් කුඩා වැව් තුළින් ඉතිරී යන වැසි ජලය එක් එක් කුඩා ජල පෝෂකයන් මඟින් රැස් කිරීම සිදු වී ඇත. එල්ලංගාහි සමස්ත ජල පෝෂක ප්‍රදේශයන් විවිධ වන අතර එය ඉඩම් බෑවුම් වැනි සාධක මත ර¼දා පවතී. පසෙහි ගැඹුර, කාබනික ද්‍රව්‍ය මට්ටම, බෝග වර්ග හා ජල පෝෂක ලෙස ලෙස ඇති පසෙහි ලක්ෂණ, අතිරික්ත ජල මට්ටම යන සාධක වැදගත් වේ. මේ අනුව, පරාක්‍රමබාහු රජු ආරක්ෂා කළා මෙන් " අහසින් වැටෙන එක ජල බි¼දකුදු මුහුදට නොයවා ප්‍රයෝජනයට ගනිමි" ලෙස කළ ප්‍රකාශයන් නිදසුන් කොට ගනිමින් වර්ෂාපතනය අක්‍රමවත්ව වීම වැනි ගැටලු නිර්මාණය වීමට ඉඩ නොදීමටත් එමඟින් හැකියාව ලැබෙනු ඇත.

එල්ලංගා පද්ධතිය මඟින් සිදු වන ජලය ලබා ගැනීමේ ක්‍රියාවලියට අමතරව වියළි කාලවල පවා ජල හිඟය වළක්වා ගැනීම සඳහා උපරිම ඵල නෙළා ගැනීමට හැකි වනු ඇත. වර්ෂාපතනය වැඩි අවස්ථාවන්හි දී පහළට ගලා යන ජලයෙන් බැමි බිඳ දැමීමේ අවදානම අවම කරගත හැකිය. අතිරික්ත ජලය මඟින් සිදුවන ගංවතුර හානි වළක්වා ගැනීම තවත් එක් ප්‍රයෝජනයකි. ගෘහස්ථ ජල අවශ්‍යතාව පෝෂණය කිරීම තවත් එක් වටිනාකමකි.
වියළි කලාපය පුරා විසිරි ඇති කුඩා කුඩා වැව් 12,500ක් පමණ ඇත. මෙම වැව් බොහොමයක් වර්ග මීටර් 20ට අඩු කුඩා ජල පෝෂක සහිත මීටර් 2.5 සිට 3.5 දක්වා වූ සාමාන්‍ය ගැඹුරකින් යුතු එතරම් නොගැඹුරු කුඩා ජලාශ වේ. මෝසම් වැස්සෙන් පසු කාලයට සාපේක්ෂව කෙටි කාලයක් සඳහා ජලය ලබා ගත හැකි වීම වැදගත් වේ. එනිසාවෙන් සුළු වාරිමාර්ග යෝජනා ක්‍රම පුනරුත්ථාපනය කිරීම වැදගත් වේ. මෙම කුඩා වැව් හි ජලය දේශීය අවශ්‍යතා, සත්ත්ව පාලන හා මාළු සඳහා ඵලදායී ජල ප්‍රභවයක් වශයෙන් ක්‍රියා කරනු ඇත.

එල්ලංගා පද්ධතියේ ගබඩා කිරීමේ ක්‍රියාවලිය මඟින් වියළි කාලවල දී ඇතිවන ජල හිඟතාව පාලනය කර එය වළක්වාලයි. මෙමඟින් බෝග හා සත්ත්ව නිෂ්පාදය ප්‍රවර්ධනය සිදු වන අතර ගොවීන්ගේ ආදායම වැඩි කිරීම සඳහා උපක්‍රම සැලසේ.

කෘෂිකාර්මික, සමාජ සහ පාරිසරික ප්‍රතිලාභ සලකා බලන විට කුඩා වැව් සංවර්ධනය වැඩ සටහන්වල දී ඉතා වැදගත් වේ. ගමේ තිරසාරත්වය කුඩා වැව් මත ර¼දා පවතී. මෙම වැව් වසර දහසකට අධික කාලයක් පුරා ප්‍රජාවට සේවය කර ඇති අතර ඉදිරියේදී එම කටයුතු සිදු කරනු ඇති. වත්මන් මහා පරිමාණ වාරිමාර්ග හා කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘති හමුවේ ගමේ සමාජ ආර්ථිකය පවත්වාගෙන යෑම මෙන්ම රටේ කෘෂිකාර්මික ආර්ථිකය පවත්වාගෙන යෑම සඳහා ද දායකත්වය සපයනු ඇත.

නොයෙක් වාරි මාර්ග පද්ධති ක්‍රියාත්මක වුවත්, වයඹ පළාතේ වෙසෙන ප්‍රජාව ප්‍රමාණවත් ජල සැපයුමක් නොමැතිව බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දෙති. පිරිසුදු ජල උල්පත් හිඟතාවයෙන් එම කලාපයේ ජනතාව අතර වකුගඩු රෝග පැතිරීමේ අවදානමක් ද පවතී. පළාතේ ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටීම උදෙසා, පිරිසුදු පානීය ජල ගබඩාවක අවශ්‍යතාව පවතින්නේ එනිසාවෙනි.

වයඹ පළාතේ මොරගහකන්ද - කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ දෙවැනි අදියර ඇරැඹීම උදෙසා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ කාර්යභාරය ප්‍රශංසනීය වේ. එමඟින් ජනතාවට පානීය ජලය සපයන අතර හෙක්ටයාර් 12,500කට වාරි ජලය සැපයේ. මෙම ව්‍යාපෘතිය මඟින් පවුල් 13,500කට පමණ ඍජු ලාභ ලබා දෙන අතර තවත් පවුල් 80,000කට වක්‍ර ප්‍රතිලාභ ලබා දෙනු ඇත. මෙම ව්‍යාපෘතියේ කොටසක් ලෙස ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් 91ක්, පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් 119ක්, මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැව් 107ක් සහ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් 5ක් සංවර්ධනය කෙරේ. කෘෂිකාර්මික අංශය සඳහා උතුරු පළාත ප්‍රකට වන අතර, පළාත තුළ දිළිඳුකම පිටුදැකීම තුළින් ප්‍රදේශය තුළ සමාජ ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමට හේතු වනු ඇත.

වාරිමාර්ග ක්‍රම පුනරුත්ථාපනය පමණක් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වේගවත් වර්ධනයට දායකත්වය සපයන්නේ නොවේ. ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික සංවර්ධනය සඳහා ජල සම්පත ආරක්ෂා කිරීම, තිරසර භාවිතය සඳහා අවශ්‍යයෙන්ම වැදගත් වේ. සමස්තයක් වශයෙන් පරිසරයක් ලෙස තිරසාරත්වය සහතික කර ගැනීම සඳහා වාරිමාර්ග යෝජනා ක්‍රමවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, සුදුසු කෘෂිකාර්මික ක්‍රම සහ භාවිතයන් අනුගමනය කිරීම උපයෝගී වේ.
නියඟය හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ හැර, ප්‍රධාන ආහාර බෝග සහල් නිෂ්පාදනය දශක ගණනාවක් තුළ දී වැඩි අස්වැන්නක් හිමි කර දී තිබේ. කෙසේ වෙතත්, ගොවීන්ගේ සමාජ ආර්ථික තත්ත්වයෙහි කිසිදු වෙනසක් සිදුව නැත. එනිසාවෙන් විභවයන්ගෙන් පූර්ණ ලෙස ප්‍රයෝජනය ගැනීම සඳහා වූ සංකීර්ණ උපායයන් තෝරාගැනීම වැදගත් වේ. පොදුවේ, තිරසාර බෝග නිෂ්පාදනය සඳහා කුඩා පරිමාණයේ වාරි පද්ධතීන්ගේ කාර්යක්ෂමතාවක් අවශ්‍ය වේ. මේ සම්බන්ධයෙන් එම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ජලය බෙදාහැරීම හා නළ පද්ධතිය නඩත්තු කිරීම වැදගත් වේ.

පුනරුත්ථාපනය කළ වාරිමාර්ග ව්‍යාපෘති උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීම සඳහා සුදුසු පියවර ගැනීම වැදගත් වේ. වැව්වල ජල පෝෂක ප්‍රදේශ නිසි ලෙස
කළමනාකරණය කළ යුතු අතර, මේ සම්බන්ධයෙන් ජල කළමනාකරණ ඒකකයක් ස්ථාපිත කිරීම සුදුසුය. ඵලදායි ලෙස ඒකාබද්ධ කළමනාකරණය ස්ථාපනය කිරීම සඳහා පළාත් පාලන ආයතන, වෙනත් රාජ්‍ය ආයතන, රාජ්‍ය ආයතන සහ ප්‍රාදේශීය ප්‍රජාවන් සමඟ එක්ව කටයුතු කිරීම වැදගත් වේ.

මෙම ඒකකයේ ප්‍රධාන අරමුණ වන්නේ ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම හා වැඩිදියුණු කිරීම වන අතර එය ප්‍රජාවන් සඳහා ඵලදායී සහතිකයකි. මෙම ප්‍රවේශය මඟින් ඉඩම් පරිහරණ සැලසුම්කරණය, ස්වාභාවික සම්පත්
කළමනාකරණය, බෝග නිෂ්පාදනය ආදිය සම්බන්ධව කටයුතු කිරීම සිදු වේ. ජල කළමනාකරණ ප්‍රතිපත්ති සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීමෙහිලා එකට එක්වී කටයුතු කිරීම මඟින් කලාපයේ සමාජ - ආර්ථික සංවර්ධනය සඳහා මංපෙත් විවර වනු ඇත.

 ආචාර්ය සී.එස්. වීරරත්න

රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon