මෙන්ඩිස් හා ගෝල්ඩන් සමාගම්වල ව්‍යාපාරික කටයුතු නවතා නීතිය ඉදිරියට ගෙන යා යුතුයි

  👤  3077 readers have read this article !
By mawbima 2018-09-19

හර්ෂණී අර්සකුලරත්න

දේශපාලනඥයෝ ඇතුළු පිරිසකට මුදල් දුන් වවුචර් පත් විනාශ කිරීම සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේදී පර්පචුවල්

ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධ මෙන්ඩිස් සමාගමේ සහ ගොල්ඩන් රෝ සමාගමේ ව්‍යාපාරික කටයුතු නවතා දමා නීතිමය කටයුතු ඉදිරියට ගෙන යා යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක ජී.එල්. පීරිස් මහතා පවසයි.
මෙන්ඩිස් සමාගම වවුචර් පත් 102ක් විනාශ කරමින් හෙළි විය හැකි සාක්ෂි වසන් කිරීම සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳ පැහැදීමක් නැති බවද ඔහු එහිදී පැවැසුවේය.

මෙවැනි සුවිශේෂී, බරපතළ නඩු කටයුතු විශේෂ අධිකරණය සඳහා යොමු නොකරන්නේ මන්දැයි ගැටලුවක් එහිදී පැනනඟින බවද හෙතෙම පැවැසීය.

එම සමාගම් සඳහා ව්‍යාපාර කටයුතු එලෙසම කරගෙන යෑමට මේ රජය කිසිදු බාධාවකින් තොරව ඉඩ දීම ගැටලුවක් බවත් ඔහු පැවැසුවේය.

ඔහු මේ බව පැවැසුවේ ඊයේ (18දා) ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය මෙහෙයවූ මාධ්‍ය හමුවක් අමතමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon