බාලදක්ෂයන්ට ආපදා කළමනාකරණ පුහුණුවක්

  👤  3156 readers have read this article !
By mawbima 2018-09-19

මහනුවර ධර්මරාජ විද්‍යාලයීය බාලදක්ෂ සමූහයට වසර 105ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ පළමු වරට මෙරට බාලදක්ෂයන් සඳහා ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂ පුහුණු වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ සහ ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පූර්ණ මෙහෙයවීම යටතේ සැප්තැම්බර් මස 21දා සිට 23දා දක්වා ධර්මරාජ විද්‍යාලයීය ලේක්වීව් පාර්ක් ජාත්‍යන්තර බාලදක්ෂ මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතව මෙම වැඩසටහන ඉඡ්ඊඊර්ණීඅඒ - 2018 (ඉජධභබඵ ඡ්ථඥපඨඥදජර අඥඵනධදඵඥ ඊපචඪදඪදඨ ධට අචණචදඵ) ලෙසින් නම් කර ඇත.

දිවයින පුරා විසිර සිටින බාලදක්ෂයන් සහ නායකයන් දහසක් පමණ මෙම වැඩසටහන සඳහා සහභාගි වීමට නියමිතය. ආපදා කළමනාකරණයේ ඒ ඒ විෂය සම්බන්ධ විශේෂඥයන් වෙතින් නාය යෑම්, ගංවතුර, සුළි සුළං, සුනාමි, ගිනි, කෘමි සතුන් දෂ්ට කිරීම, විවිධ වසංගත රෝග, ගැටුම් නිසා රට අභ්‍යන්තරයේ අවතැන් වන ජන කොටස් කළමනාකරණය ආදී ආපදා සම්බන්ධ පුළුල් විෂය ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිද්දෙන්ම බාලදක්ෂයන් හට මෙම පුහුණුව ලබාදීමට කටයුතු යොදා ඇත.

දිනෙන් දින වර්ධනය වන ආපදා තත්ත්ව හමුවේ ඒවායින් සිදුවන විපත් අවම කිරීමේදී මෙවැනි පුහුණු වැඩසටහන් මඟින් විශාල සහනයක් අත්වන බවත් විශේෂයෙන්ම බාලදක්ෂයන් වෙත මෙම පුහුණුව ලබාදීමෙන් ඉදිරි ආපදා කළමනාකරණයේදී ඔවුන්ගෙන් රටට විශාල සහායක් ලබා ගත හැකි වන බවද ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ බි්‍රගේඩියර් අතුල ආරියරත්න පැවැසීය.

1913 වසරේදී මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් බාලදක්ෂ කටයුතු ආරම්භ වූ අතර ඒ සඳහා මුලපුරන ලද්දේ එවකට විද්‍යාලයේ ආචාර්යවරයකු සහ බාලදක්ෂ කොමසාරිස්වරයකු වූ ජේ.එච්. ද සේරම් මහතා විසිනි. ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවල් සාමිවරයාද දෙවරක්ම ධර්මරාජ විද්‍යාලීය ලේක්වීව් පාර්ක් බාලදක්ෂ මධ්‍යස්ථානයට පැමිණ ඇති අතර මහනුවර ධර්මරාජ විද්‍යාලය 1917,1918 සහ 1919 යන වසරවලදී බි්‍රතාන්‍ය රජුගේ ධජයද දිනාගෙන ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon