ජවිපෙ නායක අනුර කුමාර අද මල්වතු මහ නාහිමියන් බැහැදකින්න යයි

  👤  3304 readers have read this article !
By mawbima 2018-09-19

අනුරාධා හේරත්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද (19දා) පෙ.ව. 10.00ට මල්වතු මහ නාහිමියන් බැහැදැකීමට නියමිතය.

විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කරුණු ජවිපෙ නායකයා උන්වහන්සේ සමඟ සාකච්ඡා කරනු ඇත. ඊට අමතරව රටේ පවතින අර්බුදකාරී තත්ත්වය
පිළිබඳවද ජවිපෙ නායකයා මල්වතු නාහිමියන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon