මෛත්‍රි-ගෝඨා ඝාතන කුමන්ත්‍රණ කතාව මැතිසබයට

  👤  3136 readers have read this article !
By mawbima 2018-09-19

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

ඝාතන කුමාන්ත්‍රණ කතාව දිනේෂ් පත්තු කරයි

ජනපති හමුවුණොත් පොලිස්පති කියන කතාව

පරිකෂණ වලට
දිනේෂ් පොලු දානවා-- කිරිඇල්ලගෙන් චෝදනාවක්

මෛත්‍රිගේ ආරක්‍ෂාව
එදා ඉවත් කරන විට ප්‍රශ්න නොකළේ ඇයි?- - රනිල් අසයි

විජයකලා මන්ත්‍රිවරියගේ ප්‍රකාශය පිළිබඳවයි

"යුද සමයේදී අතුරුදන් වූවන්ගේ ඇටසැකිලි උතුරෙන් මතුවෙයි" යන සිරස්තලය යටතේ ඊයේ (18දා) "මව්බිම" පළවූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනි විජයකලා
මහේෂ්වරන් මහත්මිය ප්‍රකාශයක් කරමින් කියා සිටින්නේ තමන් මන්නාරමේ සමූහ මිනී වළ තේමා කරගෙන හෝ එසේ නම් කිරීමක් කරමින් එවැනි ප්‍රකාශයක් නොකළ බවයි.

අතුරුදන් වූවන් පිළිබඳ තමන් යාපනයේදී කළ ප්‍රකාශය සිංහල හා දෙමළ මාධ්‍ය විසින් පළ කිරීමේදී මන්නාරම සමූහ මිනීවළ පදනම් කරගෙන ප්‍රවෘත්ති පළකොට ඇතත් තමන් සමූහ මිනීවළ පදනම් කරගෙන එසේ නොකී බව මන්ත්‍රිවරිය සඳහන් කරයි.

පළවූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් විජයකලා මහේෂ්වරන් මන්ත්‍රිවරියට යම් අපහසුතාවක් සිදු වූයේ නම් අපි කනගාටුව ප්‍රකාශ කොට සිටිමු.

මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ වැඩිපුරම කතාබහ වන මාතෘකාව හේතුවෙන් ඊයේ (18දා) පාර්ලිමේන්තුවේ මැතිසබය දැඩි ලෙස උණුසුම්කාරී විය.

මාතෘකාව වූයේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයේ කතාවයි.
මෙම ඝාතන කුමන්ත්‍රණ කතාවෙන් මැතිසබය දැඩි ලෙස උණුසුම්කාරී වූ අතර ආණ්ඩු පක්‍ෂයේත් විරුද්ධ පක්‍ෂයේත් ජනතා නියෝජිතයන් රැසක්ම අදහස් දැක්වීම නිසා ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය පාලනය කිරීමට කරු ජයසූරිය කථානායකවරයාට දැඩි උත්සාහයක් ගැනීමට ද සිදුවිය.

ඝාතන කුමන්ත්‍රණ කතාව පත්තු කිරීම සඳහා සේවා නූලට ගිනි ඇවිලූයේ ඒකාබද්ධ විපක්‍ෂයයි.

ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන ස්ථාවර නියෝග 27(2) යටතේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්නයක් විමසුවේය.

"මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා සහ ගෝඨාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සිදුවුණා කියලා සියලුම මාධ්‍ය ඉතා වගකීමෙන් වාර්තා කරලා තියෙනවා. මෙම හෙළිදරව්වෙන් සමාජය දැඩි කම්පනයකට පත්වෙලා. මීට අදාළව නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ හඬ පටයක්ද ජනමාධ්‍ය වෙත මුදාහැර තියෙනවා. මේ ගැන පරීක්‍ෂණ සිදු කෙරෙන්නේ ඉතා මන්දගාමීවයි. පොලිසිය හා පාතාලය එක්ව කටයුතු කරනවාද කියලා බරපතළ සැකයක් මතුවෙලා තියෙනවා.

ගරු කථානායකතුමනි, ජනාධිපති ඝාතනය වුවොත් නව ජනාධිපතිවරයකු පත් කරනතුරු වැඩ බලන්නේ ඔබතුමා නොවේ. එහෙම වුණොත් වැඩ බලන්නේ අගමැතිතුමයි" යනුවෙන් උස්හ¾ඩින් වේගවත්ව දිනේෂ් ගුණවර්ධන අදහස් දැක්වීය.

"ඔබතුමාගේ මේ ප්‍රකාශය පරීක්‍ෂණ කටයුතුවලට බාධාවක්. දිනේෂ් මන්ත්‍රිතුමා මේ පරීක්‍ෂණවලට පොලු දාන්න හදනවා. මං නීතිඥයෙක්. ඒ නිසා මං දන්නවා මේගොල්ලන් කරන්න හදන්නේ මොනවාද? කියලා." යනුවෙන් සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා විසින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයාට ප්‍රතිචාර දක්වන ලදී.

මේ සමඟම ආණ්ඩු පක්‍ෂයේ ඇතැම් ජනතා නියෝජිතයන්, එකාබද්ධ විපක්‍ෂයේ ජනතා නියෝජිතයන් විවිධ චෝදනා කරමින් කෑගැසූ නිසා යළි උණුසුම්කාරීත්වයක් ඇතිවිය.
"මේ හදන්නේ දේශපාලන බල පෙරළියක් කරන්නයි." යනුවෙන් දිනේෂ් ගුණවර්ධන කෑගසුවේය.

ප්‍රශ්නය විමසීමට ප්‍රමාණවත් කාලයක් ලබාදුන් බවත් ප්‍රශ්නය තවදුරටත් ඉදිරිපත් කිරීම නොකරන ලෙසත් කරු ජයසූරිය කථානායකවරයා පැවැසුවේය.
කථානායක එසේ කියන විටම දිනේෂ්ට යකා නැග්ගේය.

"කථානායකතුමනි, මේක ඉතා බරපතළ තත්ත්වයක්. මේ ගැන තවදුරටත් කරුණු ඉදිරිපත් කරන්න මට ඉඩ දෙන්න. නැත්නම් කථානායකගෙනුත් වැඩක් නැහැ. මීට පෙර 1962 කුමන්ත්‍රණය ගැන පාර්ලිමේන්තුවේ කතා කරපු වෙලාවේ ඇන්. ඇම්. පෙරේරාට කතා කරන්න එවකට සිටි කථානායක පිලිප් ගුණවර්ධන ඉඩ දුන්නා." යනුවෙන් දිනේෂ් ගුණවර්ධන කෑගැසුවේය. "ඔබතුමාට ප්‍රමාණවත් වේලාවක් ලබා දුන්නා. ඔබතුමා මාත් එක්ක හැමදාම ඔහොමයි. ඔබතුමා හැමදාම නැට්ට පාගගන්නවා." යනුවෙන් කථානායකවරයා පැවසුවේ තරමක් නොරුස්සන ස්වභාවයකිනි.

අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ප්‍රශ්නයට පිළිතුරු ලබාදුන්නේ රාජ්‍ය පරිපාලන කළමනාකරණ හා නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාරය.

"මේ ගැන රහස් පොලිසිය මඟින් පරීක්‍ෂණයක් සිදුකරනවා" යැයි කියා සිටියේය. ඊට අමතරව මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් මූලස්ථානය වෙත මාරුකර යවා තිබෙන බවද රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා කියා සිටියේය.
මෙහිදී නැඟී සිටියේ විමල් වීරවංශ මන්ත්‍රිවරයායි.

"තවත් බරපතළ කරුණු කිහිපයක් මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් හෙළිකරලා තියෙනවා. පසුගියදා මහනුවර මුස්ලිම් ජනතාවට පහරදීමේ සිද්ධියෙන් පාතාල කල්ලි සමඟත් මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධ බවට චෝදනා එල්ල වෙනවා." යනුවෙන් විමල් වීරවංශ පැවැසීය.

අදාළ විනය කටයුතු සිදු කෙරෙන්නේ පොලිස් කොමිසමෙන් බව රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා මෙහිදී දක්වපු අදහසට සියල්ලෝම සිනහසුණහ.

"මේක පොලිස් දෙපාර්තමේන්තුවට මුළු ඉතිහාසය පුරාවටම එල්ල වූ බරපතළම චෝදනාවයි. මේ ඝාතන කුමන්ත්‍රණ කතාව කිසිදු රාජ්‍ය මාධ්‍ය ආයතනයක් ප්‍රචාරය කරන්නේ නැහැ. ජනාධිපතිතුමයි, හිටපු ආරක්‍ෂක ලේකම්වරයයි. ඝාතනය කිරීමට සැලසුම් කරපු මෙම කාරණය ගණන් නොගෙන ඉන්න එපා. කොටපොළ උත්සවයකට ගිහිල්ලා පොලිස්පතිතුමා මහ සංඝරත්නයට කිව්වා මාර බඩු කියලා. ඒ වගේ ජනාධිපතිතුමා හම්බවුණොත් පොලිස්පති කියාවි, අම්මට හුඩු මූ තාම ඉන්නවනේ කියලා" යනුවෙන් ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළේ මැතිසබයම සිනහ ගන්වමිනි.

මෙම චෝදනා එල්ල වී තිබෙන නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස්පතිවරයා සමඟ කැලණිය විහාරස්ථානයේ බෝධි පූජා පවත්වන බවට වාසුදේව නානායක්කාර ප්‍රකාශ කරනවාත් සමඟ මැතිසබය යළි උණුසුම්කාරි විය.
ත්‍රස්ත විමර්ශන අංශයේ තිබූ ස්නයිපර් ගිනි අවියක් නැතිවී තිබෙන බව කනක හේරත් මන්ත්‍රිවරයා ප්‍රකාශ කරනවාත් සමඟම ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් කෑගසමින් විමසා සිටියේ "ඒ ස්නයිපර් එක දැන් කොහේද" කියමින්ය.

මෙම හෙළිදරව්ව කළ නාමල් කුමාරගේ ආරක්‍ෂාව ඉවත් කර තිබෙන බවත් ඔහු විදේශගත කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවත් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා පැවැසීය.
එම චෝනාව ප්‍රතික්‍ෂේප කරමින් නලින් බණ්ඩාර නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ නාමල් කුමාරට නියමිත ආරක්‍ෂාව ලබාදී තිබෙන බවයි.

"වෙනදා ඕනෑම දේකට පිළිතුරු ලබාදෙන අගමැතිවරයා මේ ප්‍රශ්නයේදී නිහඬව සිටින්නේ ඇයිද?" කියා ඒකාබද්ධ විපක්‍ෂයේ සිසිර ජයකොඩි මන්ත්‍රිවරයා විමසීය.

ඊට නැඟී සිටිමින් වහාම ප්‍රතිචාර දැක්වූ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඒ ගැන පොලිසිය භාර අමාත්‍යවරයාගේ උපදෙස් මත පරීක්‍ෂණයක් සිදුකෙරෙන බවයි.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්‍ෂක වූ විට ආරක්‍ෂාව එදා ඉවත් කළ විට ඒ ගැන ප්‍රශ්න නොකළේ මන්ද කියා අග්‍රාමාත්‍යවරයා විසින් ඒකාබද්ධ විපක්‍ෂයෙන් විමසන ලදී.
මෙම චෝදනාව ඉතා බරපතළ බවත් පොලිස්පති ඉවත්කර ඒ වෙනුවට නව පොලිස්පතිවරයකු පත්කර මෙම පරීක්‍ෂණ සිදුකළ යුතු බවත් ශ්‍රියානි විජේවික්‍රම රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
"අන්න එහෙම කතා කරන්න" යනුවෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරු රාජ්‍ය අමාත්‍යවරිය දිරිගැන්වූහ.

මේ අතර මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා ඊයේ දහවල් 11.30ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේ ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට සහභාගි වීමටය.
අද (19දා) දින පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවක් වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඇතුළු වන ස්ථානයට රතු පලසක් යොදා තිබිණි. ඒ හරහා මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා ඊයේ දින ඇතුළු වන විට විමසුවේ මේ රතු පලස දමා තිබෙන්නේ කුමකටද කියාය.

"සාර්ථක ඉන්දීය සංචාරය අවසන් කරලා පැමිණියාට ඔබතුමා පිළිගන්න." යනුවෙන් කංචන විජේසේකර මන්ත්‍රිවරයා කියපු කතාවට සියල්ලෝම සිනහසුණහ. මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ වැඩිපුරම කතාබහ වන මාතෘකාව හේතුවෙන් ඊයේ (18දා) පාර්ලිමේන්තුවේ මැතිසබය දැඩි ලෙස උණුසුම්කාරී විය.

"සාර්ථක ඉන්දීය සංචාරය අවසන් කරලා පැමිණියාට ඔබතුමා පිළිගන්න." යනුවෙන් කංචන විජේසේකර මන්ත්‍රිවරයා කියපු කතාවට සියල්ලෝම සිනහසුණහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon