පුවක්පිටියේදී තෙල් කෝච්චියේ හැපුණු අලි පස්දෙනා එතැනමයි

  👤  3496 readers have read this article !
By mawbima 2018-09-19

පෙරළී ගොස් ඇතැයි හබරණ පොලිසිය කියයි. මෙසේ පෙරළී ගොස් ඇත්තේ කොළඹ සිට මඩකළපුව බලා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ 593 අංක දරන දුම්රිය බව දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙක් පැවැසීය.

ඊයේ අලුයම 5ට පමණ එකවරම දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී දුම්රියට බිලි වූ මෙම වන අලින් පස්දෙනා අතර එක් ඇතින්නියක ගැබ්බරව සිට ඇතැයිද පොලිසිය කියයි. සිදුවූ අනතුරෙන් කුසේ සිටි අලි පැටවා එළියට විසිවී මියගොස් සිටි බව පොලිසිය කියයි. අනෙක් අලින් තිදෙනාටද බරපතළ ලෙස තුවාල සිදුවී මියගොස් ඇති බව හබරණ පොලිසිය කියයි. මියගිය ගැහැනු සතුන් තිදෙනා අවුරුදු 20, 30 හා 35 වයස්වල පසුවන බව වනජීවී නිලධාරීහු කියති.

දුම්රිය පෙරළී යෑමත් සමඟ අලුයම් කාලයේ ටැංකිවල තිබූ ඉන්ධන පිටතට කාන්දු වීමට පටන්ගෙන තිබූ අතර ප්‍රදේශවාසීන් ටැංකිවලින් හැලෙන ඉන්ධන භාජනවලට රැගෙන යෑමට පටන්ගත් බව පොලිසිය කියයි. පසුව පොලිසිය මැදිහත් වී ජනතාව එතැනින් ඉවත් කොට එම ස්ථානයේ ආරක්ෂාව සඳහා දඹුල්ල සහ පොළොන්නරුව ගිනි නිවන ඒකකවල සහයෝගය ලබාගෙන දැඩි පොලිස් ආරක්ෂාවක් යෙදවූ බව පොලිසිය කීවේය.
මේ අතර මියගොස් සිටි අලියකුගේ වලිගයේ කෙඳි කිසියම් අයකු විසින් කපාගෙන ගොස් ඇති බව ප්‍රදේශවාසීහු කියති.

හබරණ සහ පලුගස්වැව අතර ප්‍රධාන දුම්රිය මාර්ගයේ නිරන්තරයෙන්ම වන අලින් අනතුරුවලට ලක්වන බවත් දුම්රිය සේවකයන්ද මේ පිළිබඳව දැනුවත්ව සිටින බවත් දුම්රිය නිලධාරීහු පවසති.
කෙසේ වෙතත් මෙම අනතුරු අවම කරගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ රියැදුරන්ව දැනුවත් කොට ඇතැයි දුම්රිය අධිකාරියේ නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම ඉන්ධන දුම්රියේ වන අලි ගැටී ඇත්තේ හුරුලු රක්ෂිතයේ සිටි තම්බිකුලම යන රක්ෂිතවලට වන අලි මාරුවෙන අලිමංකඩකදී බවත් වන අලි මාරුවෙන ස්ථානයක් ලෙස මීටර් 500කට පමණ දුරින් නාමපුවරු පවා සවිකර තිබුණත් දුම්රිය රියැදුරන් අපරීක්ෂාකාරී ලෙස දුම්රිය ධාවනය කිරීම නිසා මෙම අනතුර සිදුව ඇති බැව් පැහැදිලිව දක්නට තිබෙන බවත් වනජීවී නිලධාරීහු කියති.

මෙම දුම්රිය අනතුර හේතුවෙන් පීලී පැන ඇති දුම්රිය සහ විනාශ වී ඇති දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කරන තුරු ත්‍රිකුණාමලය, මඩකළපුව, කොළඹ අතර දුම්රිය ගමන් තාවකාලික නවතා ඇති බවත් සිදුවූ අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වන දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් කීය. මීට අමතරව වනජීවී දෙපාර්තමේන්තුව සහ හබරණ පොලිසියද පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon