පාන්පිටි 5කින් බසී

  👤  3203 readers have read this article !
By mawbima 2018-09-19

පාන් පිටි කිලෝ ග්‍රෑම් 1ක මිල රුපියල් 5කින් අඩු කිරීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ (18දා) තීරණය කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී යෝජනා කර ඇත්තේ පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5කින් අඩු කළ යුතු බවයි.

පාන් පිටි මිල වැඩි කිරීමට අදාළව පෞද්ගලික සමාගම තීරණය කළේ කෙසේද කියා ජනාධිපතිවරයා විසින් මෙහිදී විමසා තිබේ.

ඊට පිළිතුරු ලබාදෙමින් වෙළෙඳ හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කර තිබෙන්නේ අදාළ පෞද්ගලික සමාගම ඔවුන්ගේ හිතුමනාපයට පාන් පිටි මිල වැඩි කර තිබෙන බවයි.

ඒ සඳහා පාරිභෝගික අධිකාරියේ අවසරය ලබාගෙන නොමැති බවත් හිතුමනාපෙට ඔවුන්ගේ තනි තීරණයකට එම පෞද්ගලික සමාගම විසින් පාන් පිටි මිල වැඩි කර ඇති බවත් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා පෙන්වා දී ඇත.
ඒ අනුව පාන් පිටි කිලෝ ග්‍රෑම් 1ක මිල රුපියල් 5කින් වහාම ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට අමාත්‍ය මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18දා) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්විණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon