සීමා නිර්ණ වාර්තාව සමාලෝචනයට හෙට රැස්වේ

  👤  3103 readers have read this article !
By mawbima 2018-09-19

උපතිස්ස පෙරේරා

පළාත් සභා සීමා නිර්ණය කොමිෂන් සභා වාර්තාව සමාලෝචනය කිරීමට කථානායකවරයා විසින් පත්කරන ලද අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුව හෙට (20දා) පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක: 3 හිදී රැස්වීමට නියමිතය.

සියලු දේශපාලන පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් යුත් මෙම කමිටුවේ ප්‍රථම රැස්වීම පසුගිය 7 වැනිදා අරලියගහ මන්දිරයේදී රැස් වූ අතර එහිදී කමිටුවේ නිර්දේශ කඩිනමින් ලබාදී කමිටු වාර්තාව ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කරනු ලැබිණි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල නිරීක්ෂණ හා යෝජනා ලබා ගැනීමටද එහිදී තීරණය විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සභාපතිත්වය දරන මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වනුයේ ආචාර්ය ඒ.එස්.එම්. නවුෆර්, ආර්.එම්.එල්. රත්නායක සහ පෙරියසාමි මුතුලිංගම් යන මහත්වරුය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon