ත්‍රිත්ව විදුහල් සුනාමි සංවර්ධන අරමුදලෙන් පූජිතට දුන් මිලියන 12ක චෙක් එක එළියට

  👤  3091 readers have read this article !
By mawbima 2018-09-19

අනුරාධා හේරත්

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ සුනාමි සංවර්ධන අරමුලේ ගිණුමෙන් පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නමට රුපියල් මිලියන 12ක...

චෙක්පතක් නිකුත් කර ඇති බව 'සත්‍ය ගවේෂකයෝ' සංවිධානයේ කැඳවුම්කරු, නීතිඥ ප්‍රේමනාත් ‍ෙදාළවත්ත අනාවරණය කරයි.

ඒ මහතා පැවැසුවේ එම අරමුදලට යුරෝපා රටවලින් මුදල් ආධාර ලැබෙන අතරම ඒ හරහා ඩයස්පෝරාවෙන්ද මුදල් ආධාර ලැබී ඇතැයිද ඒවා ත්‍රස්ත ක්‍රියාද ඇතුළුව මුදල් අවභාවිතාවේ යෙදවූවා දැයි සැක සහිත බව පවසමින් ඉන්ජිනේරු නිශාන්ත ද අල්විස් මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් ගොනු කළ බවය.

අදාළ පැමිණිල්ල විභාග වන අතර මෙකී රුපියල් මිලියන 12ක චෙක්පත පිළිබඳ තහවුරු වූ බව නීතිඥවරයා සඳහන් කළේය.

එමෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඝාතනයට සැලසුම් කිරීමේදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පති හා තවත් කිහිප දෙනකු අත්අඩංගුවට පත්වූ බවද ‍ෙදාළවත්ත මහතා පැවැසීය.
එකී පැමිණිල්ල විමර්ශනය කරන අතරතුර හැටන් නැෂනල් බැංකුවට පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නමින් රුපියල් මිලියන 12ක චෙක්පතක් නිකුත් කර ඇති බවත් එහි පිටපතක් තමා සතුව තිබෙන බවත් ඒ මහතා කීය.
ඔහු පැවැසුවේ අද වනවිට පැමිණිලිකාර නිශාන්ත මහතාට ආරක්ෂාවක් නොමැති බවය.

ඒ අනුව නිශාන්ත ද අල්විස් මහතා පැවැසුවේ තමා කළ පැමිණිල්ලෙන් පසු අධිකරණයෙන් ආරක්ෂාව ඉල්ලා සිටි අතර වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ එකී ආරක්ෂාව සැලසීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබූ බවත්ය.

කෙසේ නමුත් 2017.05.30 සිට වත්මන් පොලිස්පතිවරයා යටතේ එකී ආරක්ෂාව තමාට ලැබුණේ නැතැයි පවසන ඒ මහතා කියා සිටියේ, අධිකරණය මඟින් මාරු කර රටින් පිටුවහල් කර සිටි ත්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පතිවරයා නැවත මෙරටට ගෙන්වා විවාහ මංගල්‍ය උත්සවයක් පවා පැවැත්වූයේ පොලිස්පතිවරයා බවත් ඒ පිළිබඳවද තමා අල්ලස් දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවත්ය.

එමෙන්ම පූජිත් ජයසුන්දර මහතාගේ ගිණුමට තවත් මුදල් චෙක්පතක් හරහා මුදල් බැර කර ඇති බවට තමා සතුව තොරතුරු ඇති බවද ඒ මහතා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon