ජනපති මෛත්‍රිපාල සිරිසේන ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ හෙළිදරව්ව සුළුකොට තැකිය යුතු නෑ - අමාත්‍ය මහින්ද සමරසිංහ

  👤  1024 readers have read this article !
By mawbima 2018-09-19

උදයන්ති මුණසිංහ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ගැන කර ඇති හෙළිදරව්ව සුළු කොට තැකිය නොහැකි භයානක දෙයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවැසුවේය.

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සැලසුම් කළ බවට නාමල් කුමාර නමැති අයකු විසින් කර ඇති හෙළිදරව්ව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් එම පරීක්ෂණවලදී ජනාධිපතිවරයාට එවැනි තර්ජනයක් පවතින බව හෙළිවුවහොත් ඔහුගේ ආරක්ෂාව ප්‍රමාණවත්ද යන්න ගැන වගකිවයුතු අංශ තීරණයක් ගත යුතු බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා සම්බන්ධයෙන් කර ඇති එම හෙළිදරව්ව ගැන තම පක්ෂයේ සියලු දෙනා තුළ යම් බියක් තිබෙන බවත් මේ හෙළිදරව්ව කළ සිද්ධිය සම්බන්ධයෙන් හෙළිකර ඇති හඬපටවල ඇති හඬ කාගේද යන්න පිළිබඳ නවීන තාක්ෂණය යොදාගෙන හඳුනාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පියවර ගැනෙනු ඇති බවත් අමාත්‍යවරයා පැවැසුවේය.

එමෙන්ම නඩු ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව රණවිරුවන් අත්අඩංගුවට ගැනීම කාගේ වුවමනාවකටද යන්න සොයා බැලිය යුතු අතර උසස් තනතුරු දරන රණවිරුවන් අත්අඩංගුවට ගැනීම ගැන ආරක්ෂක
අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා හෝ දැනුවත් නොකරන තත්ත්වයක් තිබෙන බවද අමාත්‍යවරයා

වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (18දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon