චීන ණය සහ ආධාර යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනයට

  👤  1025 readers have read this article !
By mawbima 2018-09-19

චීන ණය සහ ආධාර යටතේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සහ අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

අදාළ සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය සහ ප්‍රගතිය මෙහිදී දීර්ඝ වශයෙන් සමාලෝචනයට ලක් කෙරුණු අතර, මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට ගතයුතු පියවර පිළිබඳවද අවධානය යොමු කෙරිණි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී ප්‍රකාශ කළේ ජනතා සුබසෙත වෙනුවෙන් ක්‍රියාත්මක මෙම සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් ගතයුතු පියවර කඩිනමින් ගැනීමට කටයුතු කරන බවයි.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් පී. සමරකෝන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් සහ චීන තානාපති චෙන්ග් ක්ෂුවාන් (ඛ්ඩචදඨ ඔභඥරභචද) මහතා ඇතුළු නියෝජිතයෝ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon