අත්‍යවශ්‍ය භාණ්ඩවලට පාලන මිලක් ආවොත් ආහාර මිල බස්සනවා - සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය

  👤  1032 readers have read this article !
By mawbima 2018-09-19

අනුරාධා හේරත්

අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පාලන මිලක් පැනවුවහොත් හෙට සිටම ඉහළ දැමූ ආහාරපාන සියල්ලෙහි මිල පහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
එහි ජාතික සංවිධායක අසේල සම්පත්'මව්බිම'ට පැවැසුවේ ආණ්ඩුව ආනයනික ෆාම් ඔයිල්වල හා පොල්තෙල්වල බදු රුපියල් 20කින් ඉහළ දැමීමත් සමඟ කෑම පැකට්ටුවක් රුපියල් 10කින් ඉහළ දැමීමට සිදුවූ බවත් එය ප්‍රසිද්ධ නොවූයේ පාරිභෝගිකයාගේ පාර්ශ්වයෙන් ගැටලු පැනනැඟීම නිසා බවත්ය.

කෙසේ නමුත් ආනයනික පොල්තෙල්වල බදු ඉහළ දැමුවේ මෙරට පොල්තෙල්
නිෂ්පාදන ඉහළ දැමීමේ අරමුණින් බව පැවැසුවත් ලංකාවේ අතිරික්ත පොල් තොග නොමැති බවත් කොප්පරා සියල්ලද පිටරට පටවන බවත් ඒ මහතා පැවැසීය.

ඔහු එසේ පැවැසුවේ තිරිඟු පිටි ආශ්‍රිත සියලු නිෂ්පාදන රුපියල් 5කින් ඉහළ යෑමට හා බිත්තර, කුකුළු මස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලේම මිල ඉහළ යෑමට හේතු වූ කරුණු පැහැදිලි කරමිනි.

පාරිභෝගිකයා දැඩි අසීරුතාවකට කොට පත් කරමින් පාරිභෝගික අධිකාරියේ ලොකු වැටුප් ලබන ඉහළ නිලධාරීන් මේ කරුණු නොසලකා හරින බවත් ඔවුන් මසකට ලබන වැටුප ඇතුළු සියලු දීමනා කොපමණද යන්න තම සංගමය තොරතුරු දැන ගැනීමේ පනත හරහා ඉල්ලුම් කරන බවත් හෙතෙම වැඩිදුරටත් කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon