අධිකරණ නියෝග කඩ කරමින් උද්ඝෝෂණය කළ සිසුවකුට හා හිමිනමකට වරෙන්තු

  👤  1076 readers have read this article !
By mawbima 2018-09-19

අමිල අබේරත්න

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස රජයට බල කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව, අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය එක්ව අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයේ යෙදුණේ යැයි පොලිසිය පවරා ඇති නඩුවකට පෙනී නොසිටීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ශිෂ්‍යයකුට සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ හිමිනමකට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය වරෙන්තු නිකුත් කළාය.

එලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුවේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කරන දිනේෂ් චතුරංග නමැති විශ්වවිද්‍යාල සිසුවකුට සහ අන්තර් භික්ෂු බල මණ්ඩලය නියෝජනය කරන මඩුගල්ලේ බුද්ධ රක්ඛිත නමැති හිමිනමකටය.

2016 වසරේ අදාළ උද්ඝෝෂණය පවත්වා ඇති අතර පොලිසිය ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇත්තේ මහජනතාවට පීඩා ඇති වන පරිදි පාරේ ගමන් ගන්නා වාහනවලට බාධා ඇති වන පරිදි මංමාවත් පනත උල්ලංඝනය කරමින් අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයේ යෙදීම සම්බන්ධයෙනි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කරන විශ්වවිද්‍යාල සිසුන්, අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය නියෝජනය කරන සිසුන් ඇතුළු වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ සිසුන් අදාළ උද්ඝෝෂණයට

සහභාගි වී ඇති අතර ඉන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු, අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැ¼දවුම්කරු ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් 19කට එරෙහිව කොටුව පොලිසිය නඩු පවරා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon