එම්.ජී.ආර්. ජීවත්ව සිටියා නම් ලංකාවේ ප්‍රශ්නවලට මැදිහත් වෙනවා

  👤  2846 readers have read this article !
By mawbima 2018-09-20

ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර පාලමක් ලෙස තමිල්නාඩු ආණ්ඩුව අඛණ්ඩව කටයුතු කරන බව තමිල්නාඩු අධ්‍යාපන ඇමැති කේ.ඒ. සෙන්කොඩයන් මහතා පැවැසුවේය.
ඉන්දියාවේ හිටපු මහ ඇමැතිවරයකු හා ප්‍රබල නළුවකු වූ එම්.ජී. රාමචන්ද්‍රන් මහතාගේ 102 වැනි ජන්ම දින සැමරුම් උත්සවය ඔහුගේ උපන් ගම වූ මහනුවරදී පසුගියදා පැවැත්වුණු අතර එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් ඔහු මේ බව කීය.

ලංකාවේ ජනතාවගේ ආරක්ෂකයා ලෙස තමිල්නාඩුව කටයුතු කරන බවද මෙරට ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් නිරන්තරයෙන් උපකාර කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම උත්සවයට සහභාගිව අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සෙල්වම් අඩෙක්කලනාදන් මහතා පැවැසුවේ තමිල්නාඩුව සෑම අවස්ථාවකම මෙරට දෙමළ ජනතාවගේ ආරක්ෂකයා ලෙස කටයුතු කරන බවයි. එම්.ජී.ආර්. ජීවත්ව සිටියේ නම් ලංකාවේ පවතින විවිධ ප්‍රශ්න සම්බන්ධයෙන් මැදිහත්ව විසඳුම් ලබාදීමට පියවර ගෙන තිබෙනු ඇති බව මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධා ක්‍රිෂ්ණන් පැවැසීය.

මේ අතර ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා මහනුවරදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී පැවසුවේ ඉන්දීය ධීවරයන් හා මෙරට ධීවරයන් අතර පවත්නා ගැටලුව සම්බන්ධයෙන් ලබන සතියේදී තමිල්නාඩු මහ ඇමැතිවරයා හා තමිල්නාඩු ධීවර අමාත්‍යවරයා සමඟ මෙරට ධීවර අමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි.
මේ අවස්ථාවට මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක එක්ව සිටියේය.

ලක්ෂ්මී ජයකොඩි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon