ජාතික මදුරු මර්දන සතිය සැප්:26 වැනිදායින් ඇරැඹේ

  👤  2735 readers have read this article !
By mawbima 2018-09-20

උදයන්ති මුණසිංහ

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ඩෙංගු මර්දනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බළකාය ඒකාබද්ධව "ජාතික මදුරු මර්දන සතියක්" එළැඹෙන සැප්තැම්බර් 26 සිට ඔක්තෝබර් 02 දක්වා දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 175ක ක්‍රියාත්මක කිරීමට කටයුතු සලසා තිබේ.

ඉදිරි ඊශානදිග මෝසම් වර්ෂාවත් සමඟ ඉහළ යා හැකි ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අවම කිරීමේ අරමුණින් මේ පියවර ගෙන තිබේ.

2017 වසර සමඟ සැසඳීමේදී 2018 වසර තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම සියයට හැත්තෑවකින් පමණ අඩු බවත්, තිරසර ඩෙංගු මර්දනයක් සඳහා මේ තත්ත්වය පවත්වා ගැනීම ඉතා වැදගත් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon