20 ජනමත විචාරණයකට ගෙන එන්න පාර්ලිමේන්තුවේ 225 දෙනාම ඡන්දය දෙන්න

  👤  3190 readers have read this article !
By mawbima 2018-09-20

අනුරාධා හේරත්

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකට ගෙන යෑම සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 225 දෙනාම තම ඡන්දය භාවිත කරන්නැයි ජවිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක ඉල්ලීමක් කරයි.

ජවිපෙ නායකයා පැවසුවේ 20 වැනි සංශෝධනයට ජනතාවගේ තීරණය අවශ්‍ය බැවින් ජනමතයට සියලු මහජන නියෝජිතයන් හිස නැවිය යුතු බවත් එය මඟහැරීමට කටයුතු කරන්නේ ජනමතයට බිය අයවලුන් බවත්ය.

ඒ අනුව තම ඡන්දය භාවිත කොට 2/3 බලයෙන් එම සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කළ පසු ජනමත විචාරණයකට යා හැකි බවත්, එය ශේ‍ර්ෂ්ඨාධිකරණය විසින් තීන්දු කරනු ඇති බවත් ඔහු පැවැසීය.

විධායකය අහෝසි කිරීමට අදාළව පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඊයේ (19දා) ජවිපෙ නායකයා විසින් මල්වතු නාහිමියන් වෙත පිළිගන්වන ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon