ගුරු සේවයේ වැටුප් ගැටලු විසඳන්නට අමාත්‍යාංශ මට්ටමින් යෝජනාවක් සකසන්න

  👤  2733 readers have read this article !
By mawbima 2018-09-20

උදයන්ති මුණසිංහ

ගුරු සේවයේ මතුව ඇති වැටුප් ගැටලු විසඳීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් යෝජනාවක් සකස් කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඒ සඳහා යෝජනා ලබාදෙන වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්වයන්ගේ අදහස්ද සැලකිල්ලට ගන්නා ලෙස උපදෙස් දුන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ වසර ගණනාවක් තිස්සේ නිසි ක්‍රමවේදයකින් තොරව ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වන විට ගුරුවරුන්ට සිය වැටුප් සම්බන්ධයෙන් විවිධ විසමතාවන් මෙන්ම හිඟ තත්ත්වයන් මතුව තිබෙන බවයි.

එ අනුව ගුරුවරුන්ගේ වෘත්තීය ගෞරවයආරක්ෂා වන පරිදි ඔවුන් මුහුණ දෙන වැටුප් විසමතා පිළිබඳව ගැටලු විසඳීම පිළිබඳ යෝජනාවක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවක් බවද අමාත්‍යවරයා පැවැසුවේය.

අධ්‍යාපන අමාත්‍යාංශයේදී ඊයේ (17දා) වෘත්තීය සමිති සාමාජිකයන් සහ අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon