පළමු දිනයේදීම දුර පැනීමෙන් හිරුෂගෙන් නව වාර්තාවක්

  👤  2732 readers have read this article !
By mawbima 2018-09-20

විචිත්‍ර වීරසිංහ

සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 88 වැනි ජෝන් ටාබට් ජේ‍යෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ පළමු දිනය වන ඊයේ (19දා) දිනයේදී නව තරගාවලි වාර්තාවක් බිහි කිරීමට හිරුෂ මෙන්ඩිස් අබේසේකර සමත් විය.

අවුරුදු 16න් පහළ (බාලක) වයස් කාණ්ඩය යටතේ බම්බලපිටිය ශා. පීතර විදුහලේ හිරුෂ මෙන්ඩිස් අබේසේකර විසින් දුර පැනීමෙන් පිහිටුවූ මෙම වාර්තාව අවුරුදු 18න් පහළ වයස් කාණ්ඩයේ වාර්තාව අභිභවා යෑමද විශේෂත්වයකි.

ඒ අනුව 2007 වසරේදී ගල්කිස්ස ශා. තෝමස් විදුහලේ ආර්. ගුණසිංහ විසින් මීටර් 6.84ක දුරක් සටහන් කරමින් තබා තිබූ වසර 11ක් පැරැණි මෙම වාර්තාව මෙවර හිරුෂ මෙන්ඩිස් අබේසේකර විසින් බිඳ දමන ලද්දේ මීටර් 7.19ක දුරක් තරණය කරමිනි. කෙසේ වෙතත් අවුරුදු 18න් පහළ වයස් කාණ්ඩය යටතේ 2016 වසරේදී ගාල්ල රිච්මන්ඩ් විදුහලේ ඉසුරු මාලින්ද විසින් මේ වනවිට තබා තිබෙන මීටර් 7.17ක වාර්තාවද හිරුෂ පසුකර තිබීමද කැපී පෙනිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon