එමීර් රාජ්‍ය පැරැදූ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

  👤  2707 readers have read this article !
By mawbima 2018-09-20

ආසියානු වොලිබෝල් සම්මේලනයේ මෙහෙයවීමෙන්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රථම ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (19දා) සමත් වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව වට 3-0ක පහසු ජයක් වාර්තා කරමිනි.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති එම තරගයේ පළමු වටය ලකුණු 20-25ක් ලෙස නිමා වූ අතර එම වටයේදී යම් අභියෝගයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් එල්ල වුවත් දෙවැනි හා තෙවැනි තරග වටවලදී ඔවුන්ගේ දැඩි පසුබැස්මක් දක්නට විය. ඔවුන්ගේ එම දුර්වලතාව මනාව උපයෝගී කරගනිමින් දෙවැනි වටය ලකුණු 25-17ක් ලෙසත් තෙවැනි වටය ලකුණු 25-15ක් ලෙසත් පහසුවෙන්ම ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

මේ අතර ඊයේ පැවැති අනෙක් අර්ධ අවසන් පූර්ව වටයේ තරගවලදී සෞදි අරාබිය හමුවේ මොංගෝලියාව තරග වට 3-0ක් ලෙසත් ඉරාකය හමුවේ මැලේසියාව තරග වට 3-1ක් ලෙසත් පරාජය වී තිබිණි. රටවල් 8ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයේ තරගවලදී ශ්‍රී ලංකාව හමුවේ මැලේසියාව හා හොංකොං පරාජයට පත්වුවත් සෞදි අරාබිය හමුවේ පමණක් ශ්‍රී ලංකාව පරාජයට පත්විය.

ඡායාරූපය-ඒෂාන් දසනායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon