පාන් ගෙඩිය රු. 5කින් බහී

  👤  2841 readers have read this article !
By mawbima 2018-09-20

ලක්ෂ්මී ජයකොඩි

ඉදිරි දින කිහිපය තුළදී පෙර පැවැති මිල දක්වා රුපියල් පහකින් පාන් ගෙඩියක මිල පහත දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවැසීය.රුපියල් පහකින් පසුගියදා ඉහළ දමන ලද පාන් ගෙඩියක මිල, විෂය භාර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙලෙස පහත දැමූ බවද ජයවර්ධන මහතා සඳහන් කළේය.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ බේකරි හිමියන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හා අමාත්‍යාංශ නිලධාරීන් සමඟ අමාත්‍යාංශයේදී සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත කරුණු දක්වමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon