විශේෂඥ වෛද්‍ය එච්.එස්. පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

  👤  532 readers have read this article !
By mawbima 2018-09-20

 

ආදි ආනන්දීය ක්‍රීඩා සමාජයේ හිටපු සභාපති හා පිහිනුම් තටාක ව්‍යාපෘතියේ හිටපු සභාපතිවරයා වූ විශේෂඥ වෛද්‍ය එච්.එස්. පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය.

කොළඹ ජාතික රෝහලේ දිගු කාලයක් හෘද ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයකු වශයෙන් සේවය කළ ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20දා) පස්වරු 4.00ට බොරැල්ල කනත්ත ආදාහනාගාරයේදී සිදුකෙරේ.

මේ වන විට ඒ මහතාගේ දේහය අවසන් ගෞරවය සඳහා කොළඹ 07, බාන්ස් පෙදෙසේ පිහිටි නිවෙසේ තැන්පත් කර තිබේ. විශේෂඥ වෛද්‍ය පෙරේරා මහතාගේ අවසන් කටයුතු සඳහා සහභාගි වීමට ආදි ආනන්දීය ක්‍රීඩා සමාජයේ සියලු සාමාජිකයන්ට විද්‍යාලයීය කරපටියද පැලඳ අද පස්වරු 3.15 වන විට බොරැල්ල කනත්ත ප්‍රධාන පිවිසුම් ‍ෙදාරටුව අසලට පැමිණෙන ලෙස සංවිධායක කමිටුව ආරාධනය කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon