ශ්‍රී ලංකාව තුළ ජනවාර්ගික ප්‍රශ්නයක් නොමැති බව සැබෑ ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වෙනවා - ශ්‍රී ලංකාව තුළ ජනවාර්ගික ප්‍රශ්නයක් නොමැති බව සැබෑ ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වෙනවා

  👤  500 readers have read this article !
By mawbima 2018-09-20

ලක්ෂ්මී ජයකොඩි

ශ්‍රී ලංකාව තුළ ජනවාර්ගික අර්බුදයක් නොමැති බව සැබෑ ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වන බව මහාචාර්ය චන්න ජයසුමන මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වැනි සැසිවාරය හමුවේ ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත.

ජයසුමන මහතා මේ බව සඳහන් කර ඇත්තේ ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය නියෝජනය කරමින් ඔහු ඇතුළු පිරිසක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 සැසිවාරයට සහභාගි වෙමිනි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දෙමළ ජාතිවාදීන් නිර්මාණය කර ඇති මිථ්‍යා ඉතිහාසය සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් කඩ කර ඇත.

ක්‍රි.ව. 13 සියවසට පෙර ශ්‍රී ලංකාව තුළ ස්ථිර දෙමළ වාසස්ථාන තිබී නැති බව යාපන විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ පළමු මහාචාර්යවරයා වූ කාර්තිගේතු ඉන්ද්‍රපාල ඇතුළු විද්වතුන් පෙන්වා දී ඇත.

16 වැනි සියවසේදී පෘතුගීසින් ලංකාවට පැමිණෙන විට යාපන අර්ධද්වීපයේ මෙන්ම මුළු ශ්‍රී ලංකාවේම බහුතර ජනතාව සිංහලයන් බව ක්වේරෝස් පියතුමන්ගේ වාර්තාවලින් පැහැදිලියි.

ක්‍රි.ව. 1650දී පමණ ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල පාලන බලය හිමි කරගත් ලන්දේසිහු යාපනයේ දුම්කොළ වගා කිරීම සඳහා වෙල්ලාල දෙමළ ජනතාව වත්මන් තමිල්නාඩුවේ කෙරමණ්ඩල වෙරළ ප්‍රදේශයේ සිට රැගෙන ආහ.

1815දී ලංකාවේ පාලන බලය හිමිකරගත් ඉංගී්‍රසිහු වෙල්ලාල දෙමළ ජනතාවට සෙසු ජන කොටස්වලට වඩා ප්‍රමුඛතාවක් ලබා දුන්හ.

1833 පළමු ව්‍යවස්ථාදායක සභාව පිහිටුවන විට රටේ ඉතිහාසය ගැන හෝ ජන කොටස්වල සංයුතිය ගැන කිසිදු තැකීමක් නොකළ ඉංගී්‍රසි සිංහල, දෙමළ, බර්ගර් ජනයා වෙනුවෙන් එක නියෝජිතයකු බැගින් පත් කළහ.

එවකට වසර දෙදහසකට වඩා ඉතිහාසයක් පැවැති රටේ ජාතිය, භාෂාව, සංස්කෘතිය නිර්මාණය කළ මුළු ජනගහනයෙන් 75% නියෝජනය කළ සිංහලයන්ට මෙන්ම එවකට වසර 200ක ඉතිහාසයක්වත් නොපැවති මුළු ජනගහනයෙන් 10%ක් වත් නොවූ දෙමළ ජනතාවට ව්‍යවස්ථාදායක සභාව තුළ සම නියෝජනයක් ලබාදීම කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයකට අනුකූල නොවේ.

බි්‍රතාන්‍ය පාලකයන්ගේ ආශීර්වාදය ලැබූ දෙමළ වෙල්ලාල නායකයන්ට අවශ්‍ය වූයේ මුළු රටේම නායකයන් වීමටයි. කෙසේ නමුත් 1931 වසරේදී සර්වජන ඡන්දබලය හඳුන්වා දීමත් සමඟ මුළු රටේම නායකයන් වීමට නොහැකි බව වෙල්ලාල නායකයෝ අවබෝධ කරගත්හ.

මේ නිසා අඩුම තරමේ දිවයිනේ උතුරු සහ නැඟෙනහිර පළාත්වල පාලකයන් බවට පත් වීමට ඔවුන්ට අවශ්‍ය විය. බෙදුම්වාදී ව්‍යාපාරයේ ආරම්භය මෙයයි.

එනම් දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයේ ආරම්භය සිදු වූයේ දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව තුළ කිසිදු අසාධාරණයක් සිදුවීම නොව දෙමළ වෙල්ලාල ජනතාවට මුළු රටේම නායකයන් වීමට නොහැකි වීම හේතුවෙනි.

2009 වසරේදී මුළුමහත් දෙමළ ජාතිවාදී ව්‍යාපාරයම නන්දිකඩාල්හිදී යුදමය වශයෙන් පරාජය කිරීම ඒ සඳහා ලබාදුන් දේශපාලන විසඳුමද වේ. එහෙයින් තවදුරටත් විසඳුමක් ගැන කතා කිරීම අනර්ථකාරීය. ශ්‍රී ලංකාවේ සැබෑ ඉතිහාසය අධ්‍යයනයෙන් පෙනී යන්නේ ශ්‍රී ලංකාව තුළ ජනවාර්ගික ප්‍රශ්නයක් නැති බවයි.

ඒ මහතා සභාව අමතන විට ශ්‍රී ලංකා රජය නියෝජනය කළ රාජතාන්ත්‍රික නිලධාරීන් මෙන්ම ප්‍රංශය, කැනඩාව, මැලේසියාව සහ මහා බි්‍රතාන්‍යයේ කොටි ඩයස්පෝරාවේ නායකයෝද සභාවේ සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon