ශ්‍රී ලංකාව හා ලක්සම්බර්ග් අතර ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුමක්

  👤  443 readers have read this article !
By mawbima 2018-09-20

දෙනගම ධම්මික රණවීර

දේශීයව නිපදවිය හැකි සියලු ආහාර මෙරටදීම නිපදවීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත.

දේශපාලන විපර්යාසයන්හි අහිතකර බලපෑම් අවම කිරීම සඳහා අවශ්‍ය අන්තර්ජාතික විද්‍යාත්මක,

තාක්ෂණික සහ මූල්‍ය සහයෝගය ලබා ගැනීම සඳහා හරිත දේශගුණික අරමුදල සහ කෘෂි වන වගා

පර්යේෂණ පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලය සමඟ සත්කාරක රාජ්‍ය ගිවිසුමකට එළැඹීමටද කැබිනට් මණ්ඩලය අනුමැතිය පළ කොට ඇත.

ශ්‍රී ලංකාව හා ලක්සම්බර්ග් අතර ද්විපාර්ශ්වීය ගුවන් සේවා ගිවිසුමකට එළැඹීම සඳහා ගිවිසුමකට අස්සන් කිරීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

විවිධ බදු සංශෝධනය කිරීමට සහ බදු අය කිරීම ක්‍රියාත්මක වන දිනයන් හා අනෙකුත් පරිපාලන විධිවිධාන සංශෝධනය කරමින් මුදල් පනත් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

මඩු දේවස්ථානයට ජල සම්පාදන යෝජනාවලියක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 554ක් වෙන් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. දිනකට ඝන මීටර් 1000ක් සම්පාදනය කිරීමටද අපේක්ෂා කෙරේ.

කන්කසන්තුරේ සිමෙන්ති කම්හල පිහිටි භූමියේ කුඩා ව්‍යවසායකයන් සඳහා කර්මාන්තපුරයක් ඉදිකිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී ඇත. අක්කර 330ක භූමියක එය ඉදිකෙරේ.

ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කිරීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. රුපියල් මිලියන 1200ක් ඊට ආයෝජන කිරීමට නියමිතය.

ජාතික හා ජාත්‍යන්තර තරග සඳහා සහභාගි වන ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක චෝදනාවට ලක්වීම වැළැක්වීමේ අරමුණින් ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ පර්යේෂණ ඒකකය වෙත උපකරණ සැපයීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු කඩිනම් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. දැනට බිම්බෝම්බ ඉවත් කර ඇති ව.කි.මීටර් 137ට අමතරව තවත් වර්ග කිලෝ මීටර් 28ක බිම්බෝම්බ ඉවත් කිරීමට අපේක්ෂා කෙරේ.

කුරුඳු පිරිසැකසුම් ශිල්පීන් 10,000කට ජාතික වෘත්තීය සුදුසුකම් 3 මට්ටමේ (ව්ඍශ්‍රී 3) සහතික දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ආපදා අවදානම සහිත ප්‍රදේශවල පදිංචිව සිටින ජනයා සඳහා පෙරසවි ආපදා ප්‍රත්‍යක්ෂ නිවාස ඉදිකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ත්‍රිපිටකය ජාතික උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. එය රජය විසින් මුද්‍රණය කර බෙදා හැරීමටත් නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon