මහනුවර නගර සීමාවේ මී සහ කරඳ පැළ සිටුවයි

  👤  423 readers have read this article !
By mawbima 2018-09-20

හර්ෂනී අර්සකුලරත්න

ඓතිහාසික මහනුවර නගරය හරිත නගරයක් බවට පත් කිරීමේ සංකල්පය යටතේ මහනුවර නගර සීමාව ඇතුළත නව මී සහ කරඳ පැළ 250ක් රෝපණය කිරීමේ වැඩසටහන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ කෙරිණි. ඉදිරියේදී මහනුවර ශ්‍රී දළදා තපෝවන වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, කන්ද වීදිය සහ යටිනුවර වීදිය ඇතුළු සියලු වීදීන්හි මෙම පැළ රෝපණය කරමින් ඓතිහාසික මහනුවර නගරය හරිත නගරයක් බවට පත් කිරීම එම වැඩසටහනේ අරමුණ වේ. මේ වැඩසටහන ආරම්භ කරමින් මී සහ කරඳ පැළ 50ක් රෝපණය කෙරුණු අතර මහනුවර නගර සභාව ඉදිරිපිටදී ඇමැතිවරයා විසින් සංකේතාත්මකව පැළයක් රෝපණය කළ අවස්ථාව.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon