යාපනයේ නිල මෙහෙවර ජනපති ජනතා සේවයෙන් ලක්‍ෂ ගණනකගේ ගැටලු විසඳයි

  👤  2467 readers have read this article !
By mawbima 2018-09-21

මෙතෙක් විවාහ නොවී පවුල් කෑ අඹුසැමි ජෝඩු 100ක් යාපනයේදී විවාහ කර දීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට හැකිවූ බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. යාපනය දිස්ත්‍රික්කයේ ජනතා ගැටලු ලක්‍ෂ දෙකකට වඩා හඳුනාගෙන ඇති බවත් පසුගිය සිකුරාදා (14දා) සිට සඳුදා (17දා) දක්වා ගත වූ දින හතරේදී පමණක් ගැටලු 12,000ක් පමණ විස¼දා අවසන් කළ බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ යාපනය දිස්ත්‍රික්කයේ නිල මෙහෙවර ජනපති ජනතා සේවය ජාතික වැඩසටහන යටතේ දැනටමත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අටක නිල මෙහෙවර ප්‍රාදේශීය වැඩසටහන් සාර්ථකව අවසන් කළ හැකි වූ බවයි. සිකුරාදා දිනයේ කෝපායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේත්, සෙනසුරාදා තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේත්, ඉරිදා යාපනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සහ සඳුදා වේලනෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෙලෙස නිල මෙහෙවර වැඩසටහන් පවත්වන ලදී.

ඉන් පෙර සන්දිලිප්පායි, උඩුවිල්, කරවටි සහ මරුදන්කර්නි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල මෙහෙවර වැඩසටහන් පවත්වා අවසන් කර තිබිණි. කෝපායි ප්‍රාදේශීය නිල මෙහෙවරට ගැටලු සහිත පුද්ගලයන් 2526ක්, තෙලිප්පලෙයි ප්‍රාදේශීය නිල මෙහෙවරට පුද්ගලයන් 3285ක්, යාපනය ප්‍රාදේශීය නිල මෙහෙවරට පුද්ගලයන් 2202ක් සහ වේලනෙයි ප්‍රාදේශීය නිල මෙහෙවරට පුද්ගලයන් 1629ක් වශයෙන් පුද්ගලයන් 6742ක් පැමිණ ගැටලු 15,418ක් ඉදිරිපත් කර තිබෙන බවයි. ඉන් ගැටලු 11,830ක් නිල මෙහෙවර භූමියේදීම විස¼දා අවසන් කළ බවද අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

නිල මෙහෙවර වැඩසටහන ආරම්භ වීමට පෙර කෝපායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගැටලු 27,189ක් හඳුනාගෙන තිබිණි. තෙලිප්ලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගැටලු 13,371ක්ද, යාපනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නොවිසඳුණු ගැටලු 9,103ක් සහ වේලනෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නොවිසඳුණු ගැටලු 4,597ක්ද මෙලෙස කලින් හඳුනාගෙන තිබූ අතර එම ගැටලුවලින් සියයට 80කට වැඩි ප්‍රමාණයක් සඳහා නිල මෙහෙවර වැඩසටහන ආරම්භ වීමට පෙර විසඳුම් ලබා දීමට හැකිවූ බවද අමාත්‍යවරයා පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon