පුණ්‍යානුමෝදනා කිරීමේ ජාතික වැඩසටහන 23දා රුවන්වැලි සෑ මළුවේදී

  👤  2510 readers have read this article !
By mawbima 2018-09-21

චාමිණී ගම්මන්පිල

අතීත ලාංකේය රාජරාජ මහාමාත්‍යාදීන් විසින් ජාතික හා ආගමික වශයෙන් දේශය උදෙසා සිදු කළ මෙහෙවර වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමේ ජාතික වැඩසටහන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආශීර්වාදයෙන්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 23 වැනිදා අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේදී පැවැත්වීමට නියමිතය.

ඒ අනුව රුවන්වැලි සෑ මළුවේදී විශේෂ කප්රුක් පූජාවක් සහ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වීමට මධ්‍යම සංස්කෘතික අරමුදල කටයුතු යොදා ඇත.

මෙම පුණ්‍යානුමෝදනා වැඩසටහන සැප්තැම්බර් 18 දින කතරගම කිරිවෙහෙර අබියසින් ආරම්භ වූ අතර කංචුක චීවරය රැගත් රිය පෙරහර ගාල්ල, කළුතර, කොළඹ, කුරුණෑගල හරහා අනුරාධපුර පූජා නගරය වෙත සැප්තැම්බර් 23 වැනි දින පැමිණීමට අපේක්ෂිතය.

එදින පැවැත්වෙන ප්‍රධාන පුණ්‍යානුමෝදනා වැඩසටහනට සමගාමීව ආගමික වැඩසටහන් මාලාවක් එම දිනය පුරාම පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදේශකත්වය මත මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon