රජයේ පාලන මිලට ප්‍රමිතියෙන් ඉහළ පිටි දෙන්න බැහැ-සිල්ලර වෙළෙඳුන්

  👤  2433 readers have read this article !
By mawbima 2018-09-21

 

නොර්වුඩ් - නීටා පත්මකුමාරි

රු. 5කින් තිරිඟු පිටි මිල ඉහළ දැමීමට ප්‍රීමා සමාගම තීරණය කිරීමත් සමඟ රජය මඟින් (19දා) රාත්‍රියේ සිට තිරිඟු පිටි කිලෝවක් උපරිම සිල්ලර මිල රු. 89කට අලෙවි කිරීමට මිලක් පනවා ඇතත් එම පාලන මිලට ප්‍රමිතියෙන් ඉහළ තිරිඟු පිටි පාරිභෝගිකයන්ට ලබාදීමට නොහැකි බව පිටි තොග සහ සිල්ලර වෙළෙඳුන් අවධාරණය කරයි.

තිරිඟු පිටි සමාගම විසින් වෙළෙඳපොළට තිරිඟු පිටි වර්ග කිහිපයක් නිකුත් කර ඇති බවත්, පාන්, රොටී සහ කේක් වර්ගවලට ප්‍රමිතියෙන් ඉහළ තිරිඟු පිටි වර්ගයකුත්, ප්‍රමිතියෙන් බාල තිරිඟු පිටිවලින් බේකරි ආහාරපාන නිෂ්පාදනය කළ නොහැකි බවත්, තිරිඟු පිටි අලෙවි නියෝජිතයන් කියා සිටියි. මෙම පාලන මිල හමුවේ තමන්ට සිදු වන්නේ ප්‍රමිතියෙන් බාල තිරිඟු පිටි පමණක් තොග සහ සිල්ලර මිලට අලෙවි කිරීමට බවයි තිරිඟු පිටි වෙළෙඳුන් කියා සිටින්නේ.

තිරිඟු පිටි කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිලක් රජය මඟින් පැනවුවද වතුකරයේ වෙළෙඳසල්වල තවදුරටත් ප්‍රමිතියෙන් ඉහළ තිරිඟු පිටි කිලෝවක් රු. 100කට අලෙවි කරනු ලබයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon