ත්‍රි'මලේ සංචාරයක නිරත වූ ජනපති භද්‍රකාලි කෝවිලේ පූජාවකට සහභාගි වෙමින්

  👤  2464 readers have read this article !
By mawbima 2018-09-21

ත්‍රිකුණාමලය - ලක්මාල් කේ. බදුගේ

ත්‍රිකුණාමලයේ සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (20දා) පෙරවරුවේ භද්‍රකාලි අම්මාන් කෝවිලේ විශේෂ දේව පූජාවකට එක් විය.

ත්‍රිකුණාමලය ජයසුමනාරාම මහ විහාරයේ අභිනවයෙන් ඉදිකළ ජල ආශ්‍රැතිකරණ මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් පසුව ජනාධිපතිවරයා ඇතුළු පිරිස භද්‍රකාලි අම්මාන් කෝවිලේ දේව පූජාවට සහභාගි වූහ.

මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ආර්. සම්පන්දන්, පාර්ලිමේන්තු මන්ත්‍රි තුරෙයිරත්නසිංහම්, නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, නැඟෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය අබ්දුල් නජීබ් මජීඩ්, අතිරේක දිසාපති කේ. අරුන්දව රාජා යන මහත්වරු, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රජයේ නිලධාරීහු රැසක්ද එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon