පළාත් සභා ඡන්දය කල්දාන අදිසි හස්තයක් තිබෙනවා

  👤  2508 readers have read this article !
By mawbima 2018-09-21

ඉදිරි මාස කිහිපය ඇතුළත පෙට්රල් ලීටරයක මිල රුපියල් 225 දක්වාත් ඩීසල් ලීටරයක මිල රුපියල් 180 දක්වාත් වැඩිවීමේ පැහැදිලි අනතුරක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි රමේෂ් පතිරණ පැවැසීය.

අදූරදර්ශී ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වනවිට රටේ ආර්ථික වර්ධන වේගය 3%ක් දක්වා අඩු වී තිබෙන බවද ඔහු සඳහන් කළේය.

ඊයේ (20දා) බොරැල්ල, ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද කීය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රි රමේෂ් පතිරණ මෙසේද පැවැසීය.

හෙට දිනය වනවිට පළාත් සභා 02ක් විසුරුවලා හැරලා අවුරුද්දක් සම්පූර්ණ වෙනවා. ඒ උතුරු මැද සහ නැඟෙනහිර පළාත් සභා, සබරගමු පළාත් සභාවත් උතුරු පළාත් සභාවත් විසුරුවා හැරීමට යෝජිතයි. වසරකට ආසන්න කාලයක් මෙම පළාත් සභා මැතිවරණ නොපැවැත්වීම හරහා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බරපතළ අනතුරකට පත්ව තිබෙනවා. මේ රටේ ජනාධිපතිවරයෙක් සිටිනවා. අගමැතිවරයෙක් සිටිනවා. කැබිනට් මණ්ඩලයක් තිබෙනවා. පාර්ලිමේන්තුවක් තිබෙනවා. ඒ වගේම ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් තිබෙනවා. මේ සියල්ල අබිබවා යමින් අදිසි හස්තයක් මඟින් මේ රටේ පළාත් පාලන මැතිවරණ වසර කිහිපයක් කල්දැම්මා. ජනතාවට තමන්ට හිමි අයිතිය භාවිත කිරීමට පළාත් සභා මැතිවරණ හැකිතාක් ඉක්මනින් පවත්වන්න.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබාදුන්නා. උතුරු නැඟෙනහිර යුද්ධයෙන් මුදාගත්තට පස්සේ පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ පැවැත්වුවා.

මම දන්න තරමින් පොලිස්පතිවරයාව රූපවාහිනියෙන් දකින විට පෙනෙන රෝග ලක්ෂණ අනුව නම් ඔහුට තිබෙන්නේ බයිපෝල ඩිස්ඕඩර් කියන රෝගය. එක අවස්ථාවක සතුටින් හිනාවේවී ඉන්නවා. තවත් අවස්ථාවක කෑගහලා බනිනවා. තවත් අවස්ථාවක භාවනා කරනවා. තවත් අවස්ථාවක පහර දෙන්න හදනවා. ඒ අනුව මානසික අසමතුලිතතාවකින් ඔහු පෙළෙන බව පැහැදිලියි.

පාර්ලිමේන්තු මන්ත්‍රි තාරක බාලසූරිය

රුපියල දිගින් දිගටම බාල්දුවීම ආණ්ඩු පක්ෂයේ අය විග්‍රහ කරනවා ඇමෙරිකාවේ පොලී අනුපාතය මාස තුන හතරකට කලින් වැඩි කළ නිසා ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් ඇමෙරිකාවට මුදල් ගලාගෙන යන බවට. මෙහි සත්‍යයක් තිබෙන බව අපිත් පිළිගන්නවා. නමුත් එකම ප්‍රශ්නය මේකද කියලයි අපි අහන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ
අපි ඊයේ දිනයේ මිල්කෝ ආයතනයේ පාලන අධිකාරිය හමුවීමට ගියා. යම් කිසි විෂ ද්‍රව්‍යයක් කිරිපැකට්වලට ඇතුළු කර තිබෙන බව අනාවරණය වූ බවත් මිල්කෝ ආයතනය පිළිගත්තා.
ඉෂාරා සිල්වා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon