ලංකාවට අවසන් තරගය අහිමි වෙයි

  👤  2508 readers have read this article !
By mawbima 2018-09-21

ආසියානු වොලිබෝල් සම්මේලනයේ මෙහෙයවීමෙන්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රථම ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලියේ ඊයේ (20දා) ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් පූර්ව තරගයෙන් ඉරාකය හමුවේ වට 3-1කින් පරාජයට පත් වීම නිසා තරගාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි විය.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති එම තරගයේ තියුණු මුහුණුවරක් ගත් පළමු වටය ලකුණු 25-22ක් ලෙසින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවද උපක්‍රමශීලිව දෙවැනි, තෙවැනි හා සිව්වැනි වට ජයගැනීමට ඉරාකය සමත් විය.

මේ අතර ඊයේ පැවැති අනෙක් අවසන් පූර්ව වටයේ තරගවලදී හොංකොං හමුවේ මොංගෝලියාව තරග වට 3-2ක් ලෙසත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය හමුවේ මැලේසියාව තරග වට 2-1ක් ලෙසත් පරාජය වී තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon