චීනය නිසා වසර 5කදී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටේවි

  👤  2574 readers have read this article !
By mawbima 2018-09-21

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයේ කොන්ත්‍රාත් දිගින් දිගටම චීනයට ලබාදීම නිසා දේශීය ඉදිකිරීම් කර්මාන්තය ඉදිරි වසර 5ක් තුළ කඩා වැටිය හැකි බවට සාර්ක් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය අනතුරු අඟවා ඇත.

දැනටමත් මෙරට මහා පරිමාණ ඉදිකිරීම්වලින් 40% - 45% අතර ප්‍රමාණයක් චීන සමාගම් විසින් කරනු ලබන බවට ඔවුන් ශ්‍රී ලංකා රජයට අවධාරණය කොට තිබේ. චීනයට මෙරට ඉදිකිරීම් කොන්ත්‍රාත් දීම නිසා චීන මුදල්, අමුද්‍රව්‍ය, සේවකයන් ඇතුළු සියලුම සම්පත් ඔවුන් යොදවන නිසා මෙරට මුදල් ඍජු ලෙසම එරටට ගලා යෑමක් සිදුවන බවද සාර්ක් කර්මාන්ත හා වාණිජ මණ්ඩලය පෙන්වා දී තිබේ.

දෙනගම ධම්මික රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon