ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න ආණ්ඩුවට බෑ

  👤  2556 readers have read this article !
By mawbima 2018-09-21

රට ඉතා වේගයෙන් දැඩි ආර්ථික අර්බුදයකට ගමන් කිරීම හේතුවෙන් පොදු මහජනතාව දැඩි පීඩනයකට ලක් වී සිටින බවත් මේ අවස්ථාවේදී එම පීඩනයට ලක්ව සිටින රටේ ජනතාවට කඩිනමින් සහනයක් ලබාදෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

තම ආණ්ඩුව කාලයේදී යුද්ධයක් පවතින අවස්ථාවේදී ලෝක ආහාර අර්බුදයක්, ලෝක ඉන්ධන අර්බුදයක්, ආර්ථික අර්බුදයක් පවතිද්දී එම පීඩනය ශ්‍රී ලංකාවේ මහජනතාවට ලබා නොදී එම පීඩනය එවකට පැවැති තම ආණ්ඩුව විසින් දරාගත් බවත් හිටපු ජනාධිපතිවරයා සිහිපත් කළේය.

ඇමෙරිකානු ඩොලරයේ අගය රොකට්ටුවක් මෙන් ඉතා වේගයෙන් ඉහළ ගොස් රුපියල ශීඝ්‍රයෙන් අව ප්‍රමාණයට ලක්වෙමින් තිබෙන බව පෙන්වා දෙන හිටපු ජනාධිපතිවරයා 'මව්බිම'ට ප්‍රකාශ කළේ මේ අර්බුදකාරී තත්ත්වයට මුහුණදීම සඳහා ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවයි.

උතුරු මැද හා වයඹ පළාත්වල ගොවි මහතුන් ජලය නොමැතිවීමෙන් කන්න හයක් වගා කර නොමැති බවත් ඊට අදාළ නියං ආධාර හෝ මේ දක්වා ගොවි ජනතාවට ලබාදී නොමැති බවත් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

මීට අමතරව තවත් බොහෝ ප්‍රදේශවල කන්න තුන _ හතර වගා කිරීමට නොහැකි වී සිටින බවත් එම ගොවි මහතුන්ට මෙතෙක් නියං ආධාර ලබාදී නොමැති නිසා නියං ආධාර ලබාදීමට ආණ්ඩුව වහාම පියවර ගත යුතු බවත් මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

 

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon