ඇමැති චම්පික කියන විදිහට LTTE සැකකරුවන්ට හා යුද අපරාධකරුවන්ට සමසේ සලකන්න බෑ

  👤  2508 readers have read this article !
By mawbima 2018-09-21

යුද අපරාධකරුවන්ට 'පොදු සමාව' ලබාදීම කිසිසේත් අනුමත නොකරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් කරන්නේ යුද කාලයේ සිදු වූ බව කියන යුද අපරාධ, මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් නිශ්චිත විමර්ශනයක් පැවැත්වීමට පෙර එවැනි තීරණයක් ගත නොහැකි බවයි.

පෞද්ගලික අභිමතාර්ථ හැර යුද්ධය හේතුවෙන් බන්ධනාගාරගත කර සිටින දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් ලබා දෙන්නේ නම් යුද්ධය හේතුවෙන් විවිධ චෝදනාවන්ට ලක්ව සිටින ආරක්ෂක අංශ සියලු නිලධාරීන්ට පොදු සමාවක් ලබාදිය යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පසුගියදා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් සුමන්තිරන් මහතා මේ බව සඳහන් කර ඇත.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන සුමන්තිරන් මහතා මෙසේද කියයි.

යුද අපරාධ පිළිබඳව යම් තීරණයක් ගැනීමට පෙර ඒ පිළිබඳ විමර්ශනයක් පැවැත්විය යුතුයි. හමුදාව විසින් කවර වැරැදි කර තිබේදැයි හෙළිදරව් කළ යුතුයි. ඉන්පසුව ඒ පිළිබඳව සමාලෝචනය කිරීම හෝ සලකා බැලීම කළ හැකිය. එසේ නොමැතිව එල්ටීටීඊ සැකකරුවන් සමඟ යුද අපරාධකරුවන් සමසේ සලකන්න බෑ.

හඳුනා නොගත් වැරැදිකරුවන්ට සමාවක් ලබාදී යුද අපරාධ වසන් කිරීමට අප කිසිසේත් අවස්ථාව දෙන්නේ නැත. එම උත්සාහය අපි දැඩි ලෙස හෙළා දකිමු.

දකුණු අප්‍රිකාව වැනි රටවල් සංහිඳියාව වෙනුවෙන් පොදු සමාව ලබාදීම සත්‍යයකි. එහෙත් එහි පළමුව සත්‍ය සම්පූර්ණයෙන්ම සොයා ගනු ලැබිණි. නීතිය ස්ථාපිත කෙරිණි. ඔවුන්ට පොදු සමාව හිමිවූයේ වැරැදිකරුවන් හඳුනාගත් පසුවය.

එල්ටීටීඊ සිරකරුවන් 12,000ක් පමණ නිදහස් කරනු ලැබුවේ පුනරුත්ථාපනය කිරීමකින් පසුවයි. කෙසේ වෙතත් විශේෂ වැරැදි කළ පුද්ගලයෝ දඬුවමට ලක් වූහ. ඔවුහු තවමත් බන්ධනාගාරගතව සිටිති. තත්ත්වය එසේ තිබියදී හමුදාවේ වැරැදි කළ සමස්තයට පොදු සමාව ලබාදීම මඟින් සියලු වැරැදි වසන් කිරීමට ගනු ලබන මේ උත්සාහයට අපි කිසිවිටෙකත් ඉඩ ලබා නොදෙමු. මෙම ක්‍රියාව ජාත්‍යන්තරය විසින්ද පිළිගන්නේ නැත.
එල්ටීටීඊ සිරකරුවන් බන්ධනාගාරගතව සිටින්නේ රජයට එරෙහිව ආයුධ ගත් නිසාය. මේ පිරිස අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර තිබේ. එමෙන්ම ඔවුන්ට විරුද්ධව නඩු විභාග වෙයි. සත්‍ය සොයා ගෙන තිබේ.

ලක්ෂ්මී ජයකොඩි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon