චාවාකච්චේරියේ TNLF කාර්යාලයට පහරදී අලාභ හානි කරලා

  👤  2561 readers have read this article !
By mawbima 2018-09-21

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

යාපනයේ, වාචාකච්චේරි ප්‍රදේශයේ පිහිටි දෙමළ ජාතික ජනතා පෙරමුණේ (ඊව්ඹ්ජ්) පක්ෂ කාර්යාලයට කිසියම් පිරිසක් විසින් පසුගියදා (19දා) රාත්‍රි ප්‍රහාරයක් එල්ල කොට තිබේ.
මේ ප්‍රහාරයෙන් පක්ෂ කාර්යාලයට හා එහි නාම පුවරුවට අලාභහානි සිදුවී ඇත.

ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතාගේ නායකත්වයෙන් යුත් ඊව්ඹ්ජ් පක්ෂයේ ආධාරකරුවන්ට මෑත කාලයේ සිට තර්ජන වැඩි වී ඇති බවත් එම පක්ෂයේ ලේකම්වරයා මෙම පහරදීම සම්බන්ධයෙන් චාවාකච්චේරි පොලිසියට පැමිණිලි කළ අවස්ථාවේදී ප්‍රකාශ කොට තිබේ.

මීට සති තුනකට පමණ ඉහතදී මුලතිව් ප්‍රදේශයේ පිහිටි පක්ෂ කාර්යාලයටද ප්‍රහාර එල්ල කොට එහි වූ දේපළවලට හානි සිදුකොට තිබිණි. චාවාකච්චේරි පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වාගෙන යයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon