ගෝලීය මානව සංවර්ධන දර්ශකයේ රටවල් 189කින් 76 වැනි තැනට අපි

  👤  2557 readers have read this article !
By mawbima 2018-09-21

බද්දේගම _ ඕ. කමලනාථ

ආයු අපේක්ෂාව, සෞඛ්‍ය සම්පන්න ජීවිතය, දැනුමට ඇති ප්‍රවේශය හා ජීවත්වීමට සුදුසු පරිසරය අනුව ගෝලීය මානව සංවර්ධන දර්ශකයේ 76 වැනි ස්ථානය අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
ශ්‍රී ලංකාව හිමිකරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 0.77කි. දර්ශකයේ වර්ගීකරණය අනුව උසස් මානව සංවර්ධනයක් සහිත රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ.

රටවල් 189ක ආයු අපේක්ෂාව, නිරෝගීභාවය, දැනුමට ඇති ප්‍රවේශය හා යහපත් ජීවන තත්ත්වය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක දත්ත පදනම් කරගෙන ගෝලීය මානව සංවර්ධන දර්ශකය සකසා තිබේ.
එම වාර්තාව පෙන්වා දෙන පරිදි දකුණු ආසියානු කලාපයේ පළමු ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ. සෞඛ්‍ය සම්පන්න ජීවිතය, දැනුමට ඇති ප්‍රවේශය හා ජීවත්වීමට සුදුසු පරිසරය යන නිර්ණායකයන් දීර්ඝ කාලීනව අධ්‍යයනය කිරීමෙන් රටවල මානව සංවර්ධන දර්ශකය සලකා බැලේ.

දර්ශකයේ පළමු ස්ථානය දිනා සිටින්නේ ලකුණු 0.953ක් හිමිකර ගත් නෝර්වේ රාජ්‍යයයි. ස්විට්සර්ලන්තය, ඕස්ට්‍රේලියාව, අයර්ලන්තය, ජර්මනිය, අයිස්ලන්තය, හොංකොං, ස්වීඩනය, සිංගප්පූරුව, නෙදර්ලන්තය යන රටවල් පිළිවෙළින් දෙවැනි ස්ථානයේ සිට දස වැනි ස්ථාන තෙක් අත්කරගෙන තිබේ.

කැනඩාව - 12, ඇමෙරිකාව - 13, එංගලන්තය _ 14, ෆින්ලන්තය _ 15, නවසීලන්තය _ 16, ජපානය _ 19, ඊශ්‍රායලය _ 22, ප්‍රංශය _ 24, මැලේසියාව - 56 යන ස්ථාන හිමිකරගෙන තිබෙන රටවල් ඇතුළු රටවල් 58ක් ඉතා උසස් මානව සංවර්ධනයක් සහිත රටවල් ලෙස නම් කර තිබේ.

කියුබාව - 73, ශ්‍රී ලංකාව - 76, බ්‍රසීලය _ 79, චීනය _ 86, මාලදිවයින _ 101 යන ස්ථාන හිමි කරගෙන තිබෙන රටවල් ඇතුළු රටවල් 54ක් උසස් මානව සංවර්ධනයක් සහිත රටවල් බවට හඳුන්වා තිබේ.
ඉන්දියාව - 130, භූතානය _ 134, බංග්ලාදේශය -136, මියන්මාරය _ 148, නේපාලය _ 149, පාකිස්තානය _ 150 යන ස්ථාන හිමිකරගෙන තිබෙන රටවල් සහ රටවල් 38ක් මධ්‍යම ප්‍රමාණයේ මානව සංවර්ධනයක් සහිත රටවල් බවට නම් කර තිබේ.

උෟන මානව සංවර්ධනයක් සහිත රටවල් ලෙස දර්ශකයේ අවසන් ස්ථාන 10 හිමිකරගෙන තිබෙන්නේ පිළිවෙළින් මොසැම්බික් _ 180, ලයිබීරියා, මාලි, බුර්කිනා ෆාසෝ, සියේරාලියොන්, බුරුන්ඩි, චාඩ්, දකුණු සුඩානය, මධ්‍යම අප්‍රිකාව, නයිජීරියාව - 189.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon