රුපියල අවප්‍රමාණය වීමෙන් ආර්ථිකය කඩා වැටෙන බව කීම වැරැදියි - ආචාර්ය නන්දලාල් වීරසිංහ

  👤  2495 readers have read this article !
By mawbima 2018-09-21

දෙනගම ධම්මික රණවීර

රුපියල අවප්‍රමාණ වීම නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාවැටෙන බව පැවැසීම සම්පූර්ණයෙන්ම වැරැදි මතයක් බව මහ බැංකුවේ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවැසීය.
ඇමෙරිකාවේ ආර්ථික ප්‍රතිපත්ති, එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වීම යන හේතූන් මත ආසියාව ඇතුළු රටවල මුදල් එ්කක අවප්‍රමාණ වන බවද හෙතෙම කීවේය.
මේ වසර තුළ ඉන්දියානු රුපියල 11% කින්ද, ඉන්දුනීසියා රුපියල 9%කින්ද, ඕස්ට්‍රේලියාව ඩොලරය 8.2%කින්ද, පිලිපීන පෙසෝ 7.7%කින්ද අවප්‍රමාණ වෙද්දී ශ්‍රී ලංකාවේ රුපියල අවප්‍රමාණ වී ඇත්තේ 7%කින් පමණක් බවද ඔහු පෙන්වා දෙයි.

පසුගිය 2011 - 2012 කාලයේ ශ්‍රී ලංකා රුපියල 12%කින් පමණ අවප්‍රමාණ වූ බවත් එය මෙරට ආර්ථිකයේ ප්‍රශ්න නිසා සිදුවූ බවත් කීවේය. එමෙන්ම 2015 වසරේදී 9%කින් රුපියල අවප්‍රමාණ වූ බවද කීවේය.
පසුගිය 2011 - 2012 කාලයේ රුපියල රැකගැනීම සඳහා විදේශ සංචිත ඩොලර් බිලියන 4ක් පමණ යෙදවීමට සිදුවූ බවද පවසන හෙතෙම ඩොලර් සංචිත අඩු වී නොමැති බවද අවධාරණය කළේය. ණය ගෙවීමට තිබෙන ඩොලර් සංචිත ආරක්‍ෂා වී ඇති බවද හෙතෙම සඳහන් කර සිටියේය.

කෙසේ වෙතත් රුපියල තවදුරටත් වෙනස් විය හැකි බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ අවධාරණය කළේය.

ඇමෙරිකා ඩොලරයට සාපේක්‍ෂව ඊයේ (20දා) වනවිට රුපියලේ අගය 168.63 දක්වා අවප්‍රමාණය වී තිබිණි. සැප්තැම්බර් 10 වැනිදා සිට ගත වූ දින 10 තුළ රුපියලේ අගය රුපියල් 9කට අධික ප්‍රමාණයකින් අවප්‍රමාණ වී ඇති බව මහ බැංකු මූල්‍ය තොරතුරු හෙළි කර සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon