ලෝක මුස්ලිම් ලීගයට රාජ්‍ය ඇමැති හිස්බුල්ලා පත්වෙයි

  👤  2430 readers have read this article !
By mawbima 2018-09-21

ත්‍රිකුණාමලය

_ ලක්මාල් කේ. බදුගේ

ලෝක මුස්ලිම් ලීගයේ රාජ්‍ය මහ සභාවේ සාමාජිකයකු ලෙස මහා මාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පත්කරනු ලැබ සිටී.
මීට පෙර මෙරට පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයකු වන එම්.එච්. මොහොමඩ් මහතා ලෝක මුස්ලිම් ලීගයේ රාජ්‍ය මහ සභාව නියෝජනය කර ඇති අතර එම ලීගය නියෝජනය කරන මෙරට දෙවැන්නා අමාත්‍ය හිස්බුල්ලා මහතා වේ.

ඒ මහතා ඔක්තෝබර් 18 වැනිදා සෞදි අරාබියේ මක්කා නගරයේ පැවැත්වෙන 43 වැනි ලෝක මුස්ලිම් ලීග සමුළුවට දකුණු ආසියානු නියෝජිතයා ලෙස සහභාගි වීමට නියමිතය. ඒ අනුව ඉදිරි වසර පහ සඳහා හිස්බුල්ලා මහතා දකුණු ආසියානු නියෝජිතයා වශයෙන් කටයුතු කරනු ලබයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon