ජනාධිපතිගෙන් හා අගමැතිගෙන් සම්පන්දන් සාකච්ඡාවක් ඉල්ලයි

  👤  752 readers have read this article !
By mawbima 2018-09-21

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය කරුණු සාකච්ඡා කිරීමට අවස්ථාවක් සලසා දෙන මෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මන්ත්‍රිවරයා 18දා ජනාධිපතිවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.

සම්පන්දන් මන්ත්‍රිවරයා ලිපියක් යවමින් පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් මුලදී ගත් තීරණ කිහිපයක් විවිධ හේතුන් මත අතපසු වී ඇති බවයි.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයනුත් දීර්ඝ සාකච්ඡාවක් පවත්වා යම් යම් තීන්දු තීරණ ගත යුතු බවට මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ පැවැති අවසන් සාකච්ඡාවේදී තීරණය කරනු ලැබුවත් ඒ සාකච්ඡා පැවැත්වීමට අවස්ථාවක් උදා නොවූ බව සම්පන්දන් මන්ත්‍රිවරයා සඳහන් කරයි.

මේ වන විට දෙමළ දේශපාලන සිරකරුවන් අට දෙනකු විසින් අනුරාධපුර බන්ධනාගාරය තුළ ආහාර වර්ජනයක් දියත් කොට ඇති නිසා මේ දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට හැකි අන්දම පිළිබඳ සාකච්ඡා කිරීමට සම්පන්දන් මන්ත්‍රිවරයා එම අවස්ථාව ඉල්ලා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon