නායයෑමේ අවදානම් ප්‍රදේශවල ජනතාවට කඩිනමින් නිවාස

  👤  746 readers have read this article !
By mawbima 2018-09-21

උදයන්ති මුණසිංහ

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශවල සිටින ජනතාව පදිංචි කරවීම සඳහා කඩිනමින් නිවාස දසදහසක් (10,000) ඉදිකරන බව ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසුවේය.
ඒ සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට පසුගියදා (18දා) අනුමැතිය හිමි වූ බවත් ඒ සඳහා ප්‍රතිපාදන ලැබුණු වහාම එම නිවාස දසදහස කඩිනමින් ඉදිකරන බවත් ඔහු සඳහන් කළේය.

එහිදී නිවෙසක් සඳහා ලක්ෂ 12ක මුදලක් සහ ඉඩමක් මිලදී ගැනීමට ලක්ෂ 4ක මුදලක් වියදම් කිරීමට සූදානම් බවද පෙන්වා දුන් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ මේ වන විටත් අවදානම් සහිත ප්‍රදේශවල සිටින ජනතාවට නිවාස 500ක් ලබා දී තිබෙන බවයි. අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාවට ඔවුන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් මේ නිවාස දසදහසද කඩිනමින් ඉදිකොට ඔවුන්ට ලබාදෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon