ගේට්වේ ග්‍රැජුවෙට් ස්කූල් සහ සෝල් සවුන්ඩ්ස් එකමුතුවකින් ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර සහ සංගීත උපාධියක් ගැනීමට වරම්

  👤  3191 readers have read this article !
By mawbima 2018-09-23

සංගීතය පිළිබඳ උනන්දුවක් දක්වන සිසු සිසුවියන් හට ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර හා සංගීතය පිළිබඳ උපාධියක් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ කීර්තිමත් ආයතන දෙකක් වන ගේට්වේ ග්‍රැජුවට් ස්කූල් සහ සෝල් සවුන්ඩ්ස් ඇකඩමිය එක්ව අවකාශ සලසා ඇත.

උපාධිය හදාරන අතරම තම ව්‍යාපාරික දැනුම දියුණු කිරීමේ අවස්ථාවක්ද සිසු සිසුවියන්ට හිමි වන්නේය. මේ උපාධියේ පළමු වසර ශ්‍රී ලංකාව තුළදී සම්පූර්ණ කිරීමට ගේට්වේ ග්‍රැජුවට් ස්කූල් සහ සෝල් සවුන්ඩ්ස් ආයතනය විසින් පහසුකම් සපයනු ලබන්නේ ය.

ශ්‍රී ලංකාවේදී සම්පූර්ණ කරනු ලබන උපාධි පාඨමාලාවේ පළමු වසරට ඇතුළත් වන්නේ ගේට්වේ මෙහෙයවන ව්‍යාපාර අධ්‍යයන ඒකක සහ සවුන්ඩ්ස් ඇකඩමිය මෙහෙයවන සංගීතයට අදාළ ඒකකයන්ය.
පළමු වැනි වසර සාර්ථකව සම්පූර්ණ කරන සිසු සිසුවියන් හට ජාත්‍යන්තර බිස්නස් ඩිප්ලෝමාවක් ලැබෙන අතර ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර හා සංගීත උපාධියේ දෙවැනි සඳහා සුදුසුකම් ලැබීමටද එමඟින් ඔවුන් සමත් වනු ඇත.
උපාධිය සඳහා ඕස්ට්‍රේලියාවේදී වැය කිරීමට සිදුවන වසරක කාලයකට අදාළ උපකාරක පන්ති සහ නවාතැන් ගාස්තු ඉතිරි කර ගැනීමේ හැකියාව සහිතව තම දරුවන් විදේශ අධ්‍යාපනයක් සඳහා යොමු කිරීමේ හැකියාව මවුපියන්ට සැලසෙන අමතර වාසියක් වෙයි.

මේ අධ්‍යාපන වැඩපිළිවෙළ සඳහා ගිවිසුම් අස්සන් කරමින් පසුගියදා (20දා) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඉන්ගි්‍රඩ් ඩේ මහත්මිය සඳහන් කළේ ඕස්ට්‍රේලියාවේ ඉගෙනුම ලැබීමට සිසු සිසුවියන්ට අවස්ථා සලසන ගේට්වේ ග්‍රැජුවට් ස්කූල් සහ සෝල් සවුන්ඩ්ස් ඇකඩමිය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම ගැන සතුටුවන බවයි. මේ ගිවිසුම මඟින් ඇඩිලේඩ් විශ්වවිද්‍යාලය ශ්‍රී ලාංකික සිසු පරපුර ජාත්‍යන්තර ශිෂ්‍ය ප්‍රජාවට එක් කර ගැනීමට කදිම අවස්ථාවක් සැලසී ඇති බවද ඇය පැවැසුවාය.

ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් විශ්වවිද්‍යාලය අනාගත නායකයන් බිහිකිරීම සඳහා කැපවූ ජාත්‍යන්තර පිළිගත් ඉගැන්වීම් ආයතනයකි.

ඕස්ට්‍රේලියාවේ තෙවැනි පැරැණිතම විශ්වවිද්‍යාලය හා ප්‍රගතිශීලී චින්තනය සඳහා ප්‍රචලිත ආයතනයක්ද වෙයි. ලෝකයේ විශිෂ්ට විශ්වවිද්‍යාල 0%ක අතරද ශේ්‍රණිගත විද්‍යා ස්ථානයකි. ඇඩිලේඩ් බිහිකළ විශිෂ්ට සිසුන් අතර රෝඩ්ස් විද්වතුන් 110ක් සහ නොබෙල් සම්මාන ලාභීහු 5 දෙනෙක්ද වෙති.
ලොව පුරා රටවල් 100කට වඩා වැඩි ගණනක් නියෝජනය කරන සිසු පරපුරක් සිටින මෙම පරිසරය තුළ අන්තර්ජාතික සහයෝගිතාවෙන් සිසු සිසුවියන් අධ්‍යයන කටයුතුවල නිරත වීම හේතුවෙන් ශක්තිමත් ජාත්‍යන්තර සබ¼දතා ගොඩනැංවීමේ අවස්ථාවද උදා වෙයි.

මේ මාධ්‍ය හමුවේදී ගේට්වේ සමූහයේ සභාපති ආචාර්ය හර්ෂ අලස් මහතා අදහස් දක්වමින් ප්‍රථම වතාවට මෙවැනි ආකාරයේ අවස්ථාවක් ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට ලබා දුන් ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයට සිය ස්තුතිය පළ කළ අතර ගේට්වේ සහ සෝල් සවුන්ඩ්ස් ඇකඩමියේ පොදු පරමාර්ථය වන්නේ සිසුන්ගේ හැකියාවන් වර්ධනය කිරීම සහ ඔවුන් ධෛර්යවත් කිරීම බවද පැවැසීය.

ගේට්වේ ග්‍රැජුවට් ස්කූල් යනු ගේට්වේ සමූහ ආයතනයේ උසස් අධ්‍යාපන හා වෘත්තීය සංවර්ධන අංශයයි. 2008 වසරේදී ස්ථාපිත කරන ලද එම ආයතනය ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් දේශීය සහ විදේශීය සිසුන් හට ලොව ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල හා සම්මාන ප්‍රදාන ආයතන සමඟ සහයෝගිතාවෙන් ලබා දීම විශේෂත්වයක් වෙයි.

සෝල් සවුන්ඩ්ස් ඇකඩමියේ නිර්මාතෘ සහ සංගීත අධ්‍යක්ෂ සවුන්දරි ඩේවිඩ් රොද්‍රිගු මහත්මිය අදහස් දක්වමින්, මෙම පාඨමාලා තම අධ්‍යාපන කටයුතු සමඟ බාහිර ක්‍රියාකාරකම් කරගෙන යෑමට අදහස් කරන තරුණ දක්ෂ සිසුන් සඳහා අතිශයින් ප්‍රයෝජනවත් වන බව විශ්වාස කරන බව සඳහන් කළාය. වෙනස් ආරයක පාඨමාලාවක් පිරිනැමීමට ගේට්වේ සහ සෝල් සවුන්ඩ්ස් ආයතන එකතු වීම උසස් අධ්‍යාපනයේ නව මංපෙත් සැපයීම සඳහා අත්වැල් බැඳගැනීමක් බවද කීවාය.
2000 වසරේදී පිහිටුවන ලද සෝල් සවුන්ඩ්ස් ඇකඩමිය සිසුන් 500කට අධික සංඛ්‍යාවකට සංගීත හා රංග කලා අධ්‍යාපනය ලබාදී ඇති ආයතනයකි. කුඩා දරුවන්ට සංගීතය විශිෂ්ටත්වයට ඉඩකඩ සලසන අරමුණින් එම ඇකඩමිය පිහිටුවා ඇති අතර ඔවුන්ට දේශීය හා විදේශීය අවස්ථාවන් ලබා දීමේ මෙහෙවරද ඉටු කරයි.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත් අබේසේකර, ගේට්වේ ග්‍රැජුවට් පාසලෙහි ප්‍රධාන විධායක නිලධාරි ප්‍රශාන්ත් චන්මුගම්, ගේට්වේ සමූහයේ සම්බන්ධීකාරක තුසිතා ඉලුක්පිටිය යන මහත්ම මහත්මීහු මෙහිදී අදහස් දැක්වූහ.
එම පාඨමාලාව ගැන වැඩි විස්තර සඳහා රුෂිකා හෝ ඉමේෂිගෙන් විමසිය හැකිය. 0772256356, 0112695103, 01126995107 දුරකථනවලින් ඇමැතීමටද ඪදටධප@ඨචබඥඹචරඨපචඤභ-චබඥඵජඩධධ.ජධථ වෙත ලිවීමෙන්ද වැඩි විස්තර දැනගත හැකිය.

දෙනගම ධම්මික රණවීර

ඡායාරූප - දුමිඳු වනිගසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon