සෙත්මිණිගම ජන අයිතියට

  👤  3110 readers have read this article !
By mawbima 2018-09-23

නව උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්කළ 125 වැනි උදා ගම්මානය හම්බන්තොට ගල්වැව "සෙත්මිණිගම"යි. පසුගියදා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් මෙම ගම්මානය ජනතා අයිතියට පැවරිණි.

මෙහි මුළු නිවාස ගණන 25කි. "සෙත්මිණිගම" ගම්මානය ඉදිකිරීම ඇරැඹුණේ 2016 මැයි මස 06 වැනිදාය. මෙහි නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිලාභීන් වෙත අඩු පොලී නිවාස ණය ලබාදී තිබේ. මෙයද ප්‍රජා සහභාගිත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදි වූ උදාගම්මානයකි.

"සෙත්මිණිගම" ගම්මානයේ මුළු භූමි ප්‍රමාණය අක්කර 3 1/2කි. සෑම නිවෙසකටම පර්චස් 20 බැගින් ලබාදී තිබේ. ගම්මානය විදුලිය හා පිරිසුදු පානීය ජල සැපයුමකින්ද, විධිමත්ව සකස් කළ ප්‍රවේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතියකින්ද සමන්විතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon