දෙනු මිස ගනු නැති සංහිඳියා ඉස්තාලය

  👤  3204 readers have read this article !
By mawbima 2018-09-23

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 39 වැනි හෙවත් 2018 සැප්තැම්බර් සැසිය හේතු කිහිපයක් නිසා සුවිශේෂී අවධානයට ලක් වී ඇත. ඉන් පළමුවැන්න ජිනීවාහි අභියෝගයට මුහුණදීම සඳහා ජනාධිපතිවරයා නිව්යෝක්වලට ගොස් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කිරීමය. එතුමා විසින්ම මාධ්‍යවේදීන් අමතා සිදුකළ ප්‍රකාශ සහ ඊට පසුව චම්පික රණවක අමාත්‍යවරයා විසින් බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ට සමාව දීමට අදාළව සිදුකළ ප්‍රකාශ එකට ගත් විට ජනාධිපතිවරයා සූදානම් වන්නේ කුමකටදැයි ඉඟියක් ලැබේ.


එතුමාගේ ප්‍රකාශ අනුව යුද්ධයෙන් පසුව ඊට අදාළව මතු වූ ගැටලු දෙපාර්ශ්වය විසින් සමඟි සම්පන්නව විස¼දාගත යුතුය. ඊට අමතරව මානව හිමිකම් කවුන්සලයේ 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාවට යම් සහනයක් ඉල්ලා සිටින බව ද එතුමා විසින් ප්‍රකාශ කරන්නට යෙදිණි. එහිදී එතුමා තවදුරටත් සඳහන් කරන්නේ යුද අපරාධ චෝදනා හමුදාවට එල්ල කරමින් ඔවුනට දඬුවම් කිරීමට ඉල්ලා සිටින අතර ත්‍රස්තවාදී සැකකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටීම ප්‍රහේලිකාවක් බවය. එනම් එය අසාධාරණ බවය. ඒ අනුව ඉහත සඳහන් කළ ආකාරයට ජනාධිපතිතුමාගේ හා චම්පික රණවක අමාත්‍යවරයාගේ ප්‍රකාශ එක්ව ගෙන බලන විට එතුමා සූදානම් වන්නේ ද්විපාර්ශ්වික හෝ බහු පාර්ශ්වික එකඟතාවකට පැමිණීමටය. එහිදී පිළිතුරු සපයාගත යුතු ප්‍රශ්න දෙකක් ඇත.

 

පළමුවැන්න එකඟතාව ඇතිකර ගන්නේ කුමන පාර්ශ්ව අතරද යන්න වන අතර දෙවැන්න 'ගනුදෙනුව' හෙවත් ගන්නේ කුමක්ද? සහ දෙන්නේ කුමක්ද? යන්නයි.
ජනාධිපතිවරයා විසින් 30/1, යෝජනාවට අදාළව සහනයක් බලාපොරොත්තුවෙන් වන බැවින් පාර්ශ්ව දෙක යනු ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු ශ්‍රී ලංකාවේ රජයට එරෙහිව ක්‍රියාත්මක වන සියලු පාර්ශ්ව බව පිළිගත හැකිය. ගනු - දෙනුව යනු යුද අපරාධ චෝදනාවලින් ශ්‍රී ලංකාවේ හමුදාව නිදහස් කිරීම සහ ඒ හිලව්වට සියලු ත්‍රස්තවාදී සැකකරුවන් නිදහස් කොට මියගියවුන්ට වන්දි ගෙවීම බව පැහැදිලිවේ. ඊට අමතරව තව එක් දෙයක් ඊට එකතුවන බවටද සැකයක් නැත. ඒ එම පාර්ශ්ව විසින් නිතර සඳහන් කරන අනාගතයේදී ගැටුම් ඇතිවීම වැළැක්වීමේ 'මැජික්' එකය.


නැවත ගැටුම් ඇතිවීම වැළැක්වීම සඳහා මානව හිමිකම් සමුළුවේ 30/1 යෝජනාව මඟින් ඉදිරිපත් කෙරෙන්නේ එක් විසඳුමකි. ඒ දේශපාලන බලය බෙදීම මඟින් දේශපාලන විසඳුමක් ලබාදීමයි. ඒ සඳහා එම යෝජනාවලියේ 16 වැනි යෝජනාව මඟින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධන ප්‍රතිඵලදායක ලෙස ක්‍රියාත්මක කරන ලෙස පැහැදිලිව සඳහන් කොට ඇත. එම නිසා එම නිශ්චිත යෝජනාව ජනාධිපතිතුමා යෝජනා කරන ගනුදෙනුවට නිශ්චිතව ඇතුළු කිරීමට සිදුවන බවට සැකයක් නැත. මෙවැනි ගනුදෙනුවක් පිළිබඳ ඉතා පැහැදිලි උදාහරණයක් සපයන්නේ බෙදුම්වාදී බලවේග විසින් ඉතා ඉහළින් අගය කරන දකුණු අප්‍රිකානු මොඩලය බවට විවාදයක් නැත. දකුණු අප්‍රිකානු සංහිඳියා මොඩලය තුළ ඊනියා වගවීමේ යාන්ත්‍රණයක් හෝ දඬුවම් කිරීමේ යාන්ත්‍රණයක් විශේෂිතව පිහිටුවූයේ නැත.

 


දකුණු අප්‍රිකානු 'ගනු - දෙනුවේ' මූලික අංගය වූයේ සත්‍ය සෙවීමේ කොමිසමය. ඊට අනුව සත්‍ය සොයා ගැනීම සඳහා පාපෝච්චාරණයෙන් උදවු කිරීම මඟින් ද චූදිතයන්ට තම වගකීමෙන් නිදහස් විය හැකිය. ඒ අනුව ජනාධිපතිවරයා විසින් යෝජනා කිරීමට නියමිත ගනුදෙනුව සාධාරණීකරණය කිරීම සඳහා එනම් හමුදාවට සමාව දීම සාධාරණීකරණය කිරීම සඳහා සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීමටද සිදුවිය හැකිය. මේ වන විට 30/1 යෝජනාව මඟින් ඉදිරිපත් වූ නිර්දේශ අතරින් ක්‍රියාත්මක කිරීම ආරම්භ වී නැත්තේ ඊනියා සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය පමණි. ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය ආරම්භ වී ඇතත් මේ වන තුරු කෙටුම්පත සම්මත කිරීමට නොහැකි විය. කෙසේ වෙතත් සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය පිහිටුවීම සඳහා අවශ්‍ය පනත් කෙටුම්පතක් මේ වන විට සම්පාදනය කෙරෙමින් පවතින බව වාර්තා වේ.


මෙම ගනු - දෙනුව තුළ ජනාධිපතිතුමාගේ පැත්තෙන් ඉටුකළ යුතු කොන්දේසිය ඉටු කිරීම හෙවත් ඔහු විසින් දෙන දේ ලබාදීම සඳහා පළමුවෙන් කළ යුත්තේ සියලු ත්‍රස්තවාදී සැකකරුවන්ට සමාව දීමය. ඒ සඳහා විශේෂ නීතියක් අවශ්‍ය වන්නේ නැත. මේ වන විට ගැසට් කොට ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත මඟින් පැරණි පනත සම්පූර්ණයෙන් අවලංගු වූ විට සියලු චූදිතයන්ට සැකකරුවන්ට හා ඒ යටතේ දඬුවම් ලබන්නන්ට පූර්ණ නිදහස ලැබේ. එසේ තිබෙන පනත සංශෝධනය නොකොට නව පනතක් මඟින් තිබෙන පනත අහෝසි කරන්නේ එම තත්ත්වය නිර්මාණය කිරීමට බව නීතිය පිළිබඳ සාමාන්‍ය දැනුම ඇත්තකුට වුවද වටහා ගත හැකිය. මේ වන විට වින්දිතයන්ට සහ සාක්ෂිකරුවන්ට ආරක්ෂාව සහ සහන ලබාදීම සඳහා නව පනතක් සම්මත කොට ආයතනයක් පිහිටුවා ඇත.


ඒ අනුව බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ට දෙන දේ සම්පූර්ණ කිරීම සඳහා දැනට සම්මත කොට ඇති පිළියම් කිරීම හෙවත් වැරැදි නිවැරැදි කිරීම සඳහා ත්‍රස්තවාදීන්ට හා ඔවුන්ගේ ඥාතීන්ට සහන ලබාදීම සඳහා වන වූ පනත වහා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට සිදුවනු ඇත. ඉහත සඳහන් කළ ආකාරයට සමස්තයක් ලෙස ගත්විට 'දෙනු' පැකේජයට ක්‍රියාමාර්ග හතරක් ඇතුළත් වේ. ඒවා චූදිතයන් නිදහස් කිරීම, වින්දිතයන් ආරක්ෂා කිරීම, පීඩාවන්ට පත් වූවන්ට සහන සැලසීම සහ ව්‍යවස්ථාව මඟින් දේශපාලන බලය බෙදා දීම ලෙස හඳුනාගත හැකිය.


එසේනම් මෙම ගනුදෙනුව තුළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ට එම පනතින් සහන ලබාදෙන විට ඊට හිලව්වට දැනට සමස්තයක් ලෙස යුද අපරාධ චෝදනාවට ලක් වී ඇති ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන්ට ලැබෙන සහන හෙවත් 'ගනු' පැකේජයට අයත් දේ මොනවාද? ඉහත සඳහන් කළ ආකාරයට හමුදාවලට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග අතරින් තවම ක්‍රියාත්මක නොවන්නේ 6 වැනි යෝජනාව හෙවත් දෙමුහුන් අධිකරණයක් මඟින් දඬුවම් කිරීම පමණි. නමුත් හමුදාවට පරිපාලන වශයෙන් දඬුවම් කිරීම සඳහා බල කෙරෙන 8 වැනි වගන්තිය මේ වන විට ප්‍රබලව ක්‍රියාත්මක වේ. ඒ අනුව මෙම ගනුදෙනුව තුළ රජයට හෙවත් හමුදාවට ලැබේ යැයි සිතිය හැකි සහන අතරින් ප්‍රධාන දෙකක් හඳුනාගත හැකිය. එනම් දෙමුහුන් අධිකරණ පිහිටුවීමේ ක්‍රියාමාර්ග සහ පරිපාලන වශයෙන් දඬුවම් කිරීමේ ක්‍රියාමාර්ග අත්හිටුවීමය. නමුත් ඊට හිලව්වට සත්‍ය සෙවීමේ කොමිසම හමුවේ පාපෝච්චාරණය කිරීමට සහ යම් හමුදා සාමාජිකයන්ට සිදුවනු ඇත. එනම් භෞතික දඬුවම් වෙනුවට මානසික දඬුවම් ආදේශ වනු ඇත.


නමුත් එතැනින් සියල්ල අවසන් වන්නේ නැත. ඊට හේතුව විවිධ 'යහපත්' හේතු දක්වමින් වක්‍රව හමුදාවට දඬුවම් කිරීම සඳහා පනත් තුනක් දැනටමත් සම්මත කොට තිබීමය. එම පනත් ත්‍රිත්වය එකට ගත්විට යුද අපරාධ චෝදනා එල්ල කොට හමුදාවට දඬුවම් කිරීම සඳහා ඉතා ප්‍රබල යාන්ත්‍රණයක් සකස් වේ. නමුත් එම යාන්ත්‍රණය වගවීමේ යාන්ත්‍රණයක් ලෙස සැලකෙන්නේ නැත. එම නිසා හමුදාව වෙනුවෙන් ලබා ගන්නා සහන අතරට එම යාන්ත්‍රණය අහෝසි කිරීමේ ක්‍රියාමාර්ගය ඇතුළත් නොවනු ඇත. ඊට හේතුව එම පනත් 03 වෙනත් සුවිශේෂී අරමුණු ඉටුකර ගැනීමේ නාමයෙන් සම්මත කිරීමය. පළමු පනත සම්මත කෙරෙන්නේ අතුරුදන් වූවන් සොයා ගැනීම සඳහා කාර්යාලයක් පිහිටුවීම සඳහාය. එම නිසා එම පනත අහෝසි කළ නොහැකිය. නමුත් එම පනතින් සිදුවන්නේ අතුරුදන් කිරීම නම් වූ බරපතළ චෝදනාව සාක්ෂි පනත අදාළ නොවන ලෙස එල්ල කොට රණවිරුවන් චූදිතයන් ලෙස නම් කිරීමය. වෙනත් වචනවලින් කියනවා නම් චෝදනා කර්මාන්ත ශාලාවක් ලෙස ක්‍රියා කිරීමය.


දෙවැනි පනත සම්මත කෙරෙන්නේ අතුරුදන්වීම වැළැක්වීම සඳහා වන ජාත්‍යන්තර ප්‍රඥප්තිය බලාත්මක කිරීම සඳහාය. නමුත් එහිදී අතුරුදන් කිරීම් වැළැක්වීමේ නාමයෙන් ඊට අදාළව චෝදනා එල්ල කෙරෙන හමුදා නිලධාරීන්ට දඬුවම් කිරීමට ඉඩ සැලසේ. ඒ සඳහා යාන්ත්‍රණ දෙකක් එම පනත මඟින් හඳුන්වා දෙයි. පළමුවැන්න දේශීය යුද අපරාධ මහාධිකරණයක් පිහිටුවීමය. දෙවැන්න අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත මඟින් චෝදනාවට ලක්වන හමුදා නිලධාරීන්ට වෙනත් රටකදී දඬුවම් කිරීම සඳහා පිහිටුවහල් කිරීමය. ඒ සඳහා එම චෝදනාව මත අදාළ ප්‍රඥප්තියේ සම්මුති රාජ්‍යවලින් පිටුවහල් කිරීමේ ඉල්ලීමක් කළ යුතුය. එසේ පිටුවහල් කරන චූදිතයන්ට එම රට තුළ දී යුද අපරාධ යටතේ නඩු පැවරිය හැකිය. එසේ නැතහොත් වෙනත් රටක් ඉල්ලා සිටිය හොත් නැවත පිටුවහල් කළ හැකිය. ඊට අමතරව එවැනි රටක් රෝම ප්‍රඥප්තියට අස්සන් කොට ඇත්නම් ශ්‍රී ලංකාව එම ප්‍රඥප්තියට අස්සන් කොට නැතත් ශ්‍රී ලාංකික රණවිරුවා ජාත්‍යන්තර අපරාධ අධිකරණයට හෝ වෙනත් විශේෂ යුද අපරාධ අධිකරණයකට ඉදිරිපත් කළ හැකිය.


අවසානයට සම්මත කළ තුන් වැනි පනතේ "ලේබලයේ" සඳහන් වන්නේ අපරාධකරුවන් හුවමාරු කර ගැනීමේ සහයෝගිතා පනත යනුවෙනි. නමුත් ඒ මඟින් සැබැවින්ම කෙරෙන්නේ ඉහත සඳහන් කළ අතුරුදන් කිරීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ සම්මුති රාජ්‍යයක් නොවන රාජ්‍යයක් විසින් ශ්‍රී ලංකාවේදී චෝදනාවට ලක්වූ හමුදා නිලධාරියෙක් ඉල්ලා සිටියහොත් ඔහු පිටුවහල් කිරීම සඳහා ඉඩ සැලසීමය. ඒ අනුව එම පනත් ත්‍රිත්වය මඟින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට හෝ විශේෂ යුද අපරාධ අධිකරණයට හෝ දෙමුහුන් යුද අපරාධ අධිකරණයට වඩා ප්‍රබල දඬුවම් කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කෙරෙන බව පැහැදිලිව පෙනේ. එවැනි තත්ත්වයක් තුළ දෙමුහුන් අධිකරණයක් මඟින් ඊනියා වගවීමේ යාන්ත්‍රණයක් පිහිටුවීමේ යෝජනාව අහෝසි කිරීම මඟින් පමණක් සහනයක් ලැබෙන්නේ නැත. දෙමුහුන් අධිකරණ උපාංගය නාමිකව බරපතළ උපාංගයක් වුවත් එවැන්නක් පිහිටුවීම මඟින් බරපතළ දේශපාලන අර්බුදයක් ඇතිවිය හැකි වුවත් ප්‍රායෝගිකව එමඟින් දඬුවම් කළ හැක්කේ ඉතා සුළු පිරිසකටය. කාම්බෝජයේ දෙමුහුන් යුද අපරාධ අධිකරණය පිහිටුවන්නේ 2003දීය. නමුත් 2017 වන විට අවුරුදු 14කට පසුව ඒ මඟින් චෝදනා එල්ලකොට පරීක්ෂණ නිමවා දඬුවම් කළ හැකි වූයේ හතර දෙනකුට පමණි. ඊට හේතුව ඒ මඟින් හඳුන්වාදෙන ක්‍රියාවලිය අතිශයින්ම සංකීර්ණ වීමය.


මේ සියලු කරුණු සැලකිල්ලට ගැනීමේදී එක් දෙයක් පැහැදිලි වේ. ජනාධිපතිතුමා විසින් යෝජනා කිරීමට නියමිත සහන ලබා ගැනීමේ ගනුදෙනුව බොහෝ අසමතුලිත විය හැකි බවය. එනම් 'ගනු' ස්වල්පයකට බොහෝ 'දෙනු' දීමට සිදු වන බවය. ඒ අතරින් ඉතා බරපතළ වන්නේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා නව පොරොන්දුවක් ලබා දීමට සිදුවීමය. ඊට අමතරව සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීම මඟින් සත්‍ය සෙවීමේ නාමයෙන් ඊනියා සංහිඳියා ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා විදේශ මැදිහත්වීමකට ඉඩ සැලසීමය. බොහෝ විට එම කොමිසම හැඳින්වෙන්නේ සත්‍ය සෙවීමේ සහ සංහිඳියාව කොමිසම යනුවෙනි. ව්‍යවස්ථා සංශෝධනය හෙවත් බලය බෙදීමේ ක්‍රියාවලිය පමණක් නොව ඒවා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට මැදිහත් වීමේ අවකාශය ඊනියා සත්‍ය සෙවීමේ කොමිසමට ලැබෙනු ඇත. ඒ අනුව උතුරින් හමුදා ඉවත් කිරීම පමණක් නොව හමුදාවේ ප්‍රතිසංස්කරණ පවා එම කොමිසමේ අධීක්ෂණයට යටත් විය හැකිය. ඒ අනුව සමස්ත ගනුදෙනුව මතුපිටින් පෙනෙන තරම් සරල නොවන බව පැහැදිලි වේ.


කෙසේ වෙතත් ජනාධිපතිතුමා විසින් යෝජනා කරන නව ගනුදෙනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ බටහිර බලවත් රටවලින්ම යෝජනා වන්නක් විය හැකිය. එසේ සිතීමට හේතු දෙකක් ඉදිරිපත් කළ හැකිය. පළමුවැන්න පවතින ක්‍රියාවලිය තුළ මානව හිමිකම් කවුන්සිලය ප්‍රමුඛ මානව හිමිකම් වෙනුවෙන් මරාගෙන මැරෙන බෙදුම්වාදී බලවේග ද යම් හිරවීමකට ලක්වීමය. මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා පිළිබඳ අදාළ රටට ජාත්‍යන්තර නීතිය යටතේ බැඳීමක් නැත. අදාළ රට එම යෝජනා සහ චෝදනා ප්‍රතික්ෂේප කරන්නේ නම් සහ අනෙක් රටවල් හමුවේ සාධාරණව හේතු දක්වන්නේ නම් එම කවුන්සිලයට කළ හැකි දෙයක් නැත.


මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව දඬුකඳේ ගසන්නේ ඉතා සූක්ෂ්ම රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලියක් මඟින් සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව බලවත් රාජ්‍ය හරහා බිය ගැන්වීම මඟිනි. 2015දී 30/1 යෝජනාවට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව එකඟ කරගනු ලබන්නේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්. ටී.එන්.ඒ. මන්ත්‍රිවරුන් ඉදිරිපිටදීය. ඒ අතර එම යෝජනාවට පාදක වන චෝදනා සහිත වාර්තාව කවුන්සිලයට ඉදිරිපත් කොට දින 13ක් ඇතුළත යෝජනාව ඉදිරිපත් කිරීම නිසා එම වාර්තාව පිළිබඳ කරුණු දැක්වීමට ශ්‍රී ලංකාවට ඉඩ ලැබෙන්නේ නැත. ඊට අමතරව ශ්‍රී ලංකාව විසින් එම වාර්තාව ස්තූති පූර්වකව පිළිගෙන යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම නිසා අනෙක් රටවලටද එම වාර්තාව හෝ යෝජනා පිළිබඳ අදහස් දැක්වීමට අවස්ථාව නොලැබිණි.


එම වාසිදායක තත්ත්වය යටතේ 30/1 යෝජනාව ශ්‍රී ලංකාවේ රජය මත පැටවුවද එය බලහත්කාරයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා නීතිමය ඉඩක් නැත. එම සමස්ත යෝජනාවලියේ අවසාන අරමුණ ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් බෙදුම්වාදයට වුවමනා දේ ලබාදීම බවට ප්‍රබල මතයක් ඉදිරිපත් වී ඇත. ඒ සඳහා කල් ලබා දීම සඳහා මානව හිමිකම් කවුන්සිලයට නව යෝජනාවක් මඟින් අදාළ කාලය තවත් වසර දෙකකින් දිගු කිරීමට සිදුවිය. වසර දෙක අවසන් වන්නේ 2019 මාර්තු මාසයේදීය. එම වකවානුව වන විට ශ්‍රී ලංකාවේම කැමැත්ත අනුව ස්වේච්ඡාවෙන් නව යෝජනාවක් සම්මත කරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාව පෙලඹවිය හැකි නම් එය මානව හිමිකම් කවුන්සිලය පැත්තෙන් විශාල ජයග්‍රහණයකි. ඒ අනුව ඉහත සඳහන් කළ ආකාරයට 'ගනු - දෙනු' යෝජනාව ශ්‍රී ලංකාවේ පැත්තෙන් ආරම්භ වීමට වඩා වෙනත් පාර්ශ්වයකින් ආරම්භ වන බව තහවුරු කළ හැකිය. අනෙක් පැත්තෙන් ගත් විට ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදු නොකළ බව ඔප්පු කිරීම සඳහා ඉතා පැහැදිලි සාක්ෂි තිබියදී වසර තුනක් තිස්සේ ඒ සඳහා කිසිදු පියවරක් නොගත් රජය හදිසියේ 'ගනු - දෙනුවක්' ගැන කතා කිරීම මඟින්ද එම යෝජනාව රජයේ පැත්තෙන් ආරම්භ වන්නක් නොවන බවට සැක ඉපදවිය හැකිය.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 39 වැනි හෙවත් 2018 සැප්තැම්බර් සැසිය හේතු කිහිපයක් නිසා සුවිශේෂී අවධානයට ලක් වී ඇත. ඉන් පළමුවැන්න ජිනීවාහි අභියෝගයට මුහුණදීම සඳහා ජනාධිපතිවරයා නිව්යෝක්වලට ගොස් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කිරීමය. එතුමා විසින්ම මාධ්‍යවේදීන් අමතා සිදුකළ ප්‍රකාශ සහ ඊට පසුව චම්පික රණවක අමාත්‍යවරයා විසින් බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ට සමාව දීමට අදාළව සිදුකළ ප්‍රකාශ එකට ගත් විට ජනාධිපතිවරයා සූදානම් වන්නේ කුමකටදැයි ඉඟියක් ලැබේ.


එතුමාගේ ප්‍රකාශ අනුව යුද්ධයෙන් පසුව ඊට අදාළව මතු වූ ගැටලු දෙපාර්ශ්වය විසින් සමඟි සම්පන්නව විස¼දාගත යුතුය. ඊට අමතරව මානව හිමිකම් කවුන්සලයේ 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාවට යම් සහනයක් ඉල්ලා සිටින බව ද එතුමා විසින් ප්‍රකාශ කරන්නට යෙදිණි. එහිදී එතුමා තවදුරටත් සඳහන් කරන්නේ යුද අපරාධ චෝදනා හමුදාවට එල්ල කරමින් ඔවුනට දඬුවම් කිරීමට ඉල්ලා සිටින අතර ත්‍රස්තවාදී සැකකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටීම ප්‍රහේලිකාවක් බවය. එනම් එය අසාධාරණ බවය. ඒ අනුව ඉහත සඳහන් කළ ආකාරයට ජනාධිපතිතුමාගේ හා චම්පික රණවක අමාත්‍යවරයාගේ ප්‍රකාශ එක්ව ගෙන බලන විට එතුමා සූදානම් වන්නේ ද්විපාර්ශ්වික හෝ බහු පාර්ශ්වික එකඟතාවකට පැමිණීමටය. එහිදී පිළිතුරු සපයාගත යුතු ප්‍රශ්න දෙකක් ඇත. පළමුවැන්න එකඟතාව ඇතිකර ගන්නේ කුමන පාර්ශ්ව අතරද යන්න වන අතර දෙවැන්න 'ගනුදෙනුව' හෙවත් ගන්නේ කුමක්ද? සහ දෙන්නේ කුමක්ද? යන්නයි.


ජනාධිපතිවරයා විසින් 30/1, යෝජනාවට අදාළව සහනයක් බලාපොරොත්තුවෙන් වන බැවින් පාර්ශ්ව දෙක යනු ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු ශ්‍රී ලංකාවේ රජයට එරෙහිව ක්‍රියාත්මක වන සියලු පාර්ශ්ව බව පිළිගත හැකිය. ගනු - දෙනුව යනු යුද අපරාධ චෝදනාවලින් ශ්‍රී ලංකාවේ හමුදාව නිදහස් කිරීම සහ ඒ හිලව්වට සියලු ත්‍රස්තවාදී සැකකරුවන් නිදහස් කොට මියගියවුන්ට වන්දි ගෙවීම බව පැහැදිලිවේ. ඊට අමතරව තව එක් දෙයක් ඊට එකතුවන බවටද සැකයක් නැත. ඒ එම පාර්ශ්ව විසින් නිතර සඳහන් කරන අනාගතයේදී ගැටුම් ඇතිවීම වැළැක්වීමේ 'මැජික්' එකය.
නැවත ගැටුම් ඇතිවීම වැළැක්වීම සඳහා මානව හිමිකම් සමුළුවේ 30/1 යෝජනාව මඟින් ඉදිරිපත් කෙරෙන්නේ එක් විසඳුමකි. ඒ දේශපාලන බලය බෙදීම මඟින් දේශපාලන විසඳුමක් ලබාදීමයි. ඒ සඳහා එම යෝජනාවලියේ 16 වැනි යෝජනාව මඟින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධන ප්‍රතිඵලදායක ලෙස ක්‍රියාත්මක කරන ලෙස පැහැදිලිව සඳහන් කොට ඇත. එම නිසා එම නිශ්චිත යෝජනාව ජනාධිපතිතුමා යෝජනා කරන ගනුදෙනුවට නිශ්චිතව ඇතුළු කිරීමට සිදුවන බවට සැකයක් නැත. මෙවැනි ගනුදෙනුවක් පිළිබඳ ඉතා පැහැදිලි උදාහරණයක් සපයන්නේ බෙදුම්වාදී බලවේග විසින් ඉතා ඉහළින් අගය කරන දකුණු අප්‍රිකානු මොඩලය බවට විවාදයක් නැත. දකුණු අප්‍රිකානු සංහිඳියා මොඩලය තුළ ඊනියා වගවීමේ යාන්ත්‍රණයක් හෝ දඬුවම් කිරීමේ යාන්ත්‍රණයක් විශේෂිතව පිහිටුවූයේ නැත.


දකුණු අප්‍රිකානු 'ගනු - දෙනුවේ' මූලික අංගය වූයේ සත්‍ය සෙවීමේ කොමිසමය. ඊට අනුව සත්‍ය සොයා ගැනීම සඳහා පාපෝච්චාරණයෙන් උදවු කිරීම මඟින් ද චූදිතයන්ට තම වගකීමෙන් නිදහස් විය හැකිය. ඒ අනුව ජනාධිපතිවරයා විසින් යෝජනා කිරීමට නියමිත ගනුදෙනුව සාධාරණීකරණය කිරීම සඳහා එනම් හමුදාවට සමාව දීම සාධාරණීකරණය කිරීම සඳහා සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීමටද සිදුවිය හැකිය. මේ වන විට 30/1 යෝජනාව මඟින් ඉදිරිපත් වූ නිර්දේශ අතරින් ක්‍රියාත්මක කිරීම ආරම්භ වී නැත්තේ ඊනියා සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය පමණි. ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය ආරම්භ වී ඇතත් මේ වන තුරු කෙටුම්පත සම්මත කිරීමට නොහැකි විය. කෙසේ වෙතත් සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය පිහිටුවීම සඳහා අවශ්‍ය පනත් කෙටුම්පතක් මේ වන විට සම්පාදනය කෙරෙමින් පවතින බව වාර්තා වේ.


මෙම ගනු - දෙනුව තුළ ජනාධිපතිතුමාගේ පැත්තෙන් ඉටුකළ යුතු කොන්දේසිය ඉටු කිරීම හෙවත් ඔහු විසින් දෙන දේ ලබාදීම සඳහා පළමුවෙන් කළ යුත්තේ සියලු ත්‍රස්තවාදී සැකකරුවන්ට සමාව දීමය. ඒ සඳහා විශේෂ නීතියක් අවශ්‍ය වන්නේ නැත. මේ වන විට ගැසට් කොට ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත මඟින් පැරණි පනත සම්පූර්ණයෙන් අවලංගු වූ විට සියලු චූදිතයන්ට සැකකරුවන්ට හා ඒ යටතේ දඬුවම් ලබන්නන්ට පූර්ණ නිදහස ලැබේ. එසේ තිබෙන පනත සංශෝධනය නොකොට නව පනතක් මඟින් තිබෙන පනත අහෝසි කරන්නේ එම තත්ත්වය නිර්මාණය කිරීමට බව නීතිය පිළිබඳ සාමාන්‍ය දැනුම ඇත්තකුට වුවද වටහා ගත හැකිය. මේ වන විට වින්දිතයන්ට සහ සාක්ෂිකරුවන්ට ආරක්ෂාව සහ සහන ලබාදීම සඳහා නව පනතක් සම්මත කොට ආයතනයක් පිහිටුවා ඇත.


ඒ අනුව බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ට දෙන දේ සම්පූර්ණ කිරීම සඳහා දැනට සම්මත කොට ඇති පිළියම් කිරීම හෙවත් වැරැදි නිවැරැදි කිරීම සඳහා ත්‍රස්තවාදීන්ට හා ඔවුන්ගේ ඥාතීන්ට සහන ලබාදීම සඳහා වන වූ පනත වහා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට සිදුවනු ඇත. ඉහත සඳහන් කළ ආකාරයට සමස්තයක් ලෙස ගත්විට 'දෙනු' පැකේජයට ක්‍රියාමාර්ග හතරක් ඇතුළත් වේ. ඒවා චූදිතයන් නිදහස් කිරීම, වින්දිතයන් ආරක්ෂා කිරීම, පීඩාවන්ට පත් වූවන්ට සහන සැලසීම සහ ව්‍යවස්ථාව මඟින් දේශපාලන බලය බෙදා දීම ලෙස හඳුනාගත හැකිය.
එසේනම් මෙම ගනුදෙනුව තුළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ට එම පනතින් සහන ලබාදෙන විට ඊට හිලව්වට දැනට සමස්තයක් ලෙස යුද අපරාධ චෝදනාවට ලක් වී ඇති ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන්ට ලැබෙන සහන හෙවත් 'ගනු' පැකේජයට අයත් දේ මොනවාද? ඉහත සඳහන් කළ ආකාරයට හමුදාවලට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග අතරින් තවම ක්‍රියාත්මක නොවන්නේ 6 වැනි යෝජනාව හෙවත් දෙමුහුන් අධිකරණයක් මඟින් දඬුවම් කිරීම පමණි. නමුත් හමුදාවට පරිපාලන වශයෙන් දඬුවම් කිරීම සඳහා බල කෙරෙන 8 වැනි වගන්තිය මේ වන විට ප්‍රබලව ක්‍රියාත්මක වේ. ඒ අනුව මෙම ගනුදෙනුව තුළ රජයට හෙවත් හමුදාවට ලැබේ යැයි සිතිය හැකි සහන අතරින් ප්‍රධාන දෙකක් හඳුනාගත හැකිය. එනම් දෙමුහුන් අධිකරණ පිහිටුවීමේ ක්‍රියාමාර්ග සහ පරිපාලන වශයෙන් දඬුවම් කිරීමේ ක්‍රියාමාර්ග අත්හිටුවීමය. නමුත් ඊට හිලව්වට සත්‍ය සෙවීමේ කොමිසම හමුවේ පාපෝච්චාරණය කිරීමට සහ යම් හමුදා සාමාජිකයන්ට සිදුවනු ඇත. එනම් භෞතික දඬුවම් වෙනුවට මානසික දඬුවම් ආදේශ වනු ඇත.
නමුත් එතැනින් සියල්ල අවසන් වන්නේ නැත. ඊට හේතුව විවිධ 'යහපත්' හේතු දක්වමින් වක්‍රව හමුදාවට දඬුවම් කිරීම සඳහා පනත් තුනක් දැනටමත් සම්මත කොට තිබීමය. එම පනත් ත්‍රිත්වය එකට ගත්විට යුද අපරාධ චෝදනා එල්ල කොට හමුදාවට දඬුවම් කිරීම සඳහා ඉතා ප්‍රබල යාන්ත්‍රණයක් සකස් වේ. නමුත් එම යාන්ත්‍රණය වගවීමේ යාන්ත්‍රණයක් ලෙස සැලකෙන්නේ නැත. එම නිසා හමුදාව වෙනුවෙන් ලබා ගන්නා සහන අතරට එම යාන්ත්‍රණය අහෝසි කිරීමේ ක්‍රියාමාර්ගය ඇතුළත් නොවනු ඇත. ඊට හේතුව එම පනත් 03 වෙනත් සුවිශේෂී අරමුණු ඉටුකර ගැනීමේ නාමයෙන් සම්මත කිරීමය. පළමු පනත සම්මත කෙරෙන්නේ අතුරුදන් වූවන් සොයා ගැනීම සඳහා කාර්යාලයක් පිහිටුවීම සඳහාය. එම නිසා එම පනත අහෝසි කළ නොහැකිය. නමුත් එම පනතින් සිදුවන්නේ අතුරුදන් කිරීම නම් වූ බරපතළ චෝදනාව සාක්ෂි පනත අදාළ නොවන ලෙස එල්ල කොට රණවිරුවන් චූදිතයන් ලෙස නම් කිරීමය. වෙනත් වචනවලින් කියනවා නම් චෝදනා කර්මාන්ත ශාලාවක් ලෙස ක්‍රියා කිරීමය.


දෙවැනි පනත සම්මත කෙරෙන්නේ අතුරුදන්වීම වැළැක්වීම සඳහා වන ජාත්‍යන්තර ප්‍රඥප්තිය බලාත්මක කිරීම සඳහාය. නමුත් එහිදී අතුරුදන් කිරීම් වැළැක්වීමේ නාමයෙන් ඊට අදාළව චෝදනා එල්ල කෙරෙන හමුදා නිලධාරීන්ට දඬුවම් කිරීමට ඉඩ සැලසේ. ඒ සඳහා යාන්ත්‍රණ දෙකක් එම පනත මඟින් හඳුන්වා දෙයි. පළමුවැන්න දේශීය යුද අපරාධ මහාධිකරණයක් පිහිටුවීමය. දෙවැන්න අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත මඟින් චෝදනාවට ලක්වන හමුදා නිලධාරීන්ට වෙනත් රටකදී දඬුවම් කිරීම සඳහා පිහිටුවහල් කිරීමය. ඒ සඳහා එම චෝදනාව මත අදාළ ප්‍රඥප්තියේ සම්මුති රාජ්‍යවලින් පිටුවහල් කිරීමේ ඉල්ලීමක් කළ යුතුය. එසේ පිටුවහල් කරන චූදිතයන්ට එම රට තුළ දී යුද අපරාධ යටතේ නඩු පැවරිය හැකිය. එසේ නැතහොත් වෙනත් රටක් ඉල්ලා සිටිය හොත් නැවත පිටුවහල් කළ හැකිය. ඊට අමතරව එවැනි රටක් රෝම ප්‍රඥප්තියට අස්සන් කොට ඇත්නම් ශ්‍රී ලංකාව එම ප්‍රඥප්තියට අස්සන් කොට නැතත් ශ්‍රී ලාංකික රණවිරුවා ජාත්‍යන්තර අපරාධ අධිකරණයට හෝ වෙනත් විශේෂ යුද අපරාධ අධිකරණයකට ඉදිරිපත් කළ හැකිය.


අවසානයට සම්මත කළ තුන් වැනි පනතේ "ලේබලයේ" සඳහන් වන්නේ අපරාධකරුවන් හුවමාරු කර ගැනීමේ සහයෝගිතා පනත යනුවෙනි. නමුත් ඒ මඟින් සැබැවින්ම කෙරෙන්නේ ඉහත සඳහන් කළ අතුරුදන් කිරීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ සම්මුති රාජ්‍යයක් නොවන රාජ්‍යයක් විසින් ශ්‍රී ලංකාවේදී චෝදනාවට ලක්වූ හමුදා නිලධාරියෙක් ඉල්ලා සිටියහොත් ඔහු පිටුවහල් කිරීම සඳහා ඉඩ සැලසීමය. ඒ අනුව එම පනත් ත්‍රිත්වය මඟින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට හෝ විශේෂ යුද අපරාධ අධිකරණයට හෝ දෙමුහුන් යුද අපරාධ අධිකරණයට වඩා ප්‍රබල දඬුවම් කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කෙරෙන බව පැහැදිලිව පෙනේ. එවැනි තත්ත්වයක් තුළ දෙමුහුන් අධිකරණයක් මඟින් ඊනියා වගවීමේ යාන්ත්‍රණයක් පිහිටුවීමේ යෝජනාව අහෝසි කිරීම මඟින් පමණක් සහනයක් ලැබෙන්නේ නැත. දෙමුහුන් අධිකරණ උපාංගය නාමිකව බරපතළ උපාංගයක් වුවත් එවැන්නක් පිහිටුවීම මඟින් බරපතළ දේශපාලන අර්බුදයක් ඇතිවිය හැකි වුවත් ප්‍රායෝගිකව එමඟින් දඬුවම් කළ හැක්කේ ඉතා සුළු පිරිසකටය. කාම්බෝජයේ දෙමුහුන් යුද අපරාධ අධිකරණය පිහිටුවන්නේ 2003දීය. නමුත් 2017 වන විට අවුරුදු 14කට පසුව ඒ මඟින් චෝදනා එල්ලකොට පරීක්ෂණ නිමවා දඬුවම් කළ හැකි වූයේ හතර දෙනකුට පමණි. ඊට හේතුව ඒ මඟින් හඳුන්වාදෙන ක්‍රියාවලිය අතිශයින්ම සංකීර්ණ වීමය.


මේ සියලු කරුණු සැලකිල්ලට ගැනීමේදී එක් දෙයක් පැහැදිලි වේ. ජනාධිපතිතුමා විසින් යෝජනා කිරීමට නියමිත සහන ලබා ගැනීමේ ගනුදෙනුව බොහෝ අසමතුලිත විය හැකි බවය. එනම් 'ගනු' ස්වල්පයකට බොහෝ 'දෙනු' දීමට සිදු වන බවය. ඒ අතරින් ඉතා බරපතළ වන්නේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා නව පොරොන්දුවක් ලබා දීමට සිදුවීමය. ඊට අමතරව සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීම මඟින් සත්‍ය සෙවීමේ නාමයෙන් ඊනියා සංහිඳියා ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා විදේශ මැදිහත්වීමකට ඉඩ සැලසීමය. බොහෝ විට එම කොමිසම හැඳින්වෙන්නේ සත්‍ය සෙවීමේ සහ සංහිඳියාව කොමිසම යනුවෙනි. ව්‍යවස්ථා සංශෝධනය හෙවත් බලය බෙදීමේ ක්‍රියාවලිය පමණක් නොව ඒවා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට මැදිහත් වීමේ අවකාශය ඊනියා සත්‍ය සෙවීමේ කොමිසමට ලැබෙනු ඇත. ඒ අනුව උතුරින් හමුදා ඉවත් කිරීම පමණක් නොව හමුදාවේ ප්‍රතිසංස්කරණ පවා එම කොමිසමේ අධීක්ෂණයට යටත් විය හැකිය. ඒ අනුව සමස්ත ගනුදෙනුව මතුපිටින් පෙනෙන තරම් සරල නොවන බව පැහැදිලි වේ.


කෙසේ වෙතත් ජනාධිපතිතුමා විසින් යෝජනා කරන නව ගනුදෙනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ බටහිර බලවත් රටවලින්ම යෝජනා වන්නක් විය හැකිය. එසේ සිතීමට හේතු දෙකක් ඉදිරිපත් කළ හැකිය. පළමුවැන්න පවතින ක්‍රියාවලිය තුළ මානව හිමිකම් කවුන්සිලය ප්‍රමුඛ මානව හිමිකම් වෙනුවෙන් මරාගෙන මැරෙන බෙදුම්වාදී බලවේග ද යම් හිරවීමකට ලක්වීමය. මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා පිළිබඳ අදාළ රටට ජාත්‍යන්තර නීතිය යටතේ බැඳීමක් නැත. අදාළ රට එම යෝජනා සහ චෝදනා ප්‍රතික්ෂේප කරන්නේ නම් සහ අනෙක් රටවල් හමුවේ සාධාරණව හේතු දක්වන්නේ නම් එම කවුන්සිලයට කළ හැකි දෙයක් නැත.


මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව දඬුකඳේ ගසන්නේ ඉතා සූක්ෂ්ම රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලියක් මඟින් සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව බලවත් රාජ්‍ය හරහා බිය ගැන්වීම මඟිනි. 2015දී 30/1 යෝජනාවට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව එකඟ කරගනු ලබන්නේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්. ටී.එන්.ඒ. මන්ත්‍රිවරුන් ඉදිරිපිටදීය. ඒ අතර එම යෝජනාවට පාදක වන චෝදනා සහිත වාර්තාව කවුන්සිලයට ඉදිරිපත් කොට දින 13ක් ඇතුළත යෝජනාව ඉදිරිපත් කිරීම නිසා එම වාර්තාව පිළිබඳ කරුණු දැක්වීමට ශ්‍රී ලංකාවට ඉඩ ලැබෙන්නේ නැත. ඊට අමතරව ශ්‍රී ලංකාව විසින් එම වාර්තාව ස්තූති පූර්වකව පිළිගෙන යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම නිසා අනෙක් රටවලටද එම වාර්තාව හෝ යෝජනා පිළිබඳ අදහස් දැක්වීමට අවස්ථාව නොලැබිණි.


එම වාසිදායක තත්ත්වය යටතේ 30/1 යෝජනාව ශ්‍රී ලංකාවේ රජය මත පැටවුවද එය බලහත්කාරයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා නීතිමය ඉඩක් නැත. එම සමස්ත යෝජනාවලියේ අවසාන අරමුණ ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් බෙදුම්වාදයට වුවමනා දේ ලබාදීම බවට ප්‍රබල මතයක් ඉදිරිපත් වී ඇත.

 

ඒ සඳහා කල් ලබා දීම සඳහා මානව හිමිකම් කවුන්සිලයට නව යෝජනාවක් මඟින් අදාළ කාලය තවත් වසර දෙකකින් දිගු කිරීමට සිදුවිය. වසර දෙක අවසන් වන්නේ 2019 මාර්තු මාසයේදීය. එම වකවානුව වන විට ශ්‍රී ලංකාවේම කැමැත්ත අනුව ස්වේච්ඡාවෙන් නව යෝජනාවක් සම්මත කරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාව පෙලඹවිය හැකි නම් එය මානව හිමිකම් කවුන්සිලය පැත්තෙන් විශාල ජයග්‍රහණයකි. ඒ අනුව ඉහත සඳහන් කළ ආකාරයට 'ගනු - දෙනු' යෝජනාව ශ්‍රී ලංකාවේ පැත්තෙන් ආරම්භ වීමට වඩා වෙනත් පාර්ශ්වයකින් ආරම්භ වන බව තහවුරු කළ හැකිය. අනෙක් පැත්තෙන් ගත් විට ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදු නොකළ බව ඔප්පු කිරීම සඳහා ඉතා පැහැදිලි සාක්ෂි තිබියදී වසර තුනක් තිස්සේ ඒ සඳහා කිසිදු පියවරක් නොගත් රජය හදිසියේ 'ගනු - දෙනුවක්' ගැන කතා කිරීම මඟින්ද එම යෝජනාව රජයේ පැත්තෙන් ආරම්භ වන්නක් නොවන බවට සැක ඉපදවිය හැකිය.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon