ඕනෑම හදිසි තත්ත්වයකට ත්‍රිවිධ හමුදාව සූදානම් - කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන

  👤  3352 readers have read this article !
By mawbima 2018-09-23

තිස් වසරක් පුරාවට පැවැති වර්ගවාදී යුද්ධය නිමා වීමෙන් පසුව ඇරඹුණු "දියකාවා" යුද අභ්‍යාසය මෙවර පැවැත්වෙන්නේ 9 වැනි වරටය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මඟින් නව වැනි වරටත් සංවිධානය කරනු ලබන දියකාවා යුද අභ්‍යාසයට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබළුන් 2700ක් මෙන්ම නාවික සෙබළු 450ක් ගුවන් හමුදා සෙබලුන් 350 සහභාගි වන බව අප හා පැවැසුවේ අභ්‍යාස අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන මහතාය.

අපි මේ "දියකාවා" යුද අභ්‍යාසය සැප්තැම්බර් 06 සිට 26 දක්වා පවත්වනවා. නෙලුම් පොකුණ රඟහල ආශි්‍රතව පැවැත්වුණේ එහි එක් අදියරක්. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ මූලික අධීක්ෂණය යටතේ පවත්වන මේ අභ්‍යාසය තුළින් අපි බලාපොරොත්තු වන්නේ ඕනෑම හදිසි අවස්ථාවකදී භට පිරිසක් එක් කණ්ඩායමක් ලෙස ඒකාබද්ධ මෙහෙයුම් සිදුකරන්නේ කොහොමද කියන දැනුම හා පුහුණුව ලබා දෙන්නයි.
මෙවර මෙම අභ්‍යාසය නැඟෙනහිර, මධ්‍යම, බටහිර සහ උතුරු පළාත් ආවරණය වන පරිදි පවත්වන බව මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන මහතා පවසනවා. ඒ සඳහා නියෝජ්‍ය අභ්‍යාස අධ්‍යක්ෂවරුන් ලෙස බි්‍රගේඩියර් ක්‍රිෂාන්ත ගුණරත්න හා කර්නල් විපුල ඉහළගේ යන මහත්වරුන් කටයුතු කරන බවත් පැවැසෙනවා.

අපි එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ කළ යුද්ධය දිනුවේ අපිම හදාගත් යුද උපක්‍රමයක් ක්‍රියාත්මක කරලායි. මේ ලෝකේ කිසිම යුද්ධයක් සම්පූර්ණයෙන්ම ඉවර වුණේ නැහැ. හැම රටකම ඒ යුද්ධ ටිකක් හරි ඉතිරිව තිබෙනවා. නමුත් අපි සම්පූර්ණයෙන්ම ඒක ඉවර කළේ හමුදා සේවයේ සිටි හැමෝගෙම තිබුණු උනන්දුව හා කැප වීම නිසායි.
ඉතිං මේ තත්ත්වය දන්නා ලෝකයේ බොහෝ රටවල් අපේ යුද සැලසුම් හා පුහුණුව ලබාගන්න මේ වනවිට උනන්දු වී තිබෙනවා.

ඒ අනුව මෙවර චීනය, ඉන්දියාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, නේපාලය, නයිජීරියාව, පාකිස්තානය, සුඩානය, තුර්කිය, සැම්බියාව යන විදේශ රටවල හමුදා නිලධාරීන් සහ සෙසු නිලධාරීන් 37ක් "දියකාවා" පුහුණුවට එකතු වන බව පැවසෙනවා. ඒ සඳහා සහභාගි වන විදේශීය සෙබළුන් සංඛ්‍යාව 59ක්.
"මේ අය හරිම උනන්දුයි අපේ යුද අභ්‍යාසයට එකතු වෙන්න. ඒක අපේ රටට වගේම හමුදාවට ලොකු ගෞරවයක්"

මෙම යුද අභ්‍යාසයම වසර 9ක් පුරාවට පවත්වන හේතුව පිළිබඳවත් ගැටලු ඇත්තේය. ඇත්තටම එහි ඇති යථාර්ථය කාලෝචිතය. අපි මේ පිළිබඳව වැඩි තොරතුරු දැන ගැනීමේ අදිටනින් යුතුව මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන මහතාට යළිත් අවස්ථාව ලබා දුන්නෙමු.

"යුද්ධය ඉවර වුණාට පසු ඊට සක්‍රිය දාකත්වය හා අණ ලබාදුන් බොහෝ යුද හමුදා නිලධාරීන් දැන් විශ්‍රාම ගිහින්. අතේ ඇඟිලි ගාණටවත් ඒ කාලේ සිටි දක්ෂ නිලධාරීන් මේ වනවිට හමුදා සේවයේ නැහැ. මේකත් ලොකු ගැටලුවක්. සක්‍රියව යුද පිටියට ගොස් යුද ජයග්‍රහණයට අණ ලබාදුන් මේ නිලධාරීන්ගේ අත්දැකීම් අලුතින් හමුදා සේවයට එකතු වන නිලධාරීන්ට හා සෙබළුන්ට නැති එක ලොකු ගැටලුවක්."
"මේ නිසා තමයි "දියකාවා" යුද අභ්‍යාසය වසරක් පුරා පවත්වන්නේ. මේ අභ්‍යාසය තුළින් අපි ප්‍රායෝගික පුහුණුවක් අලුත් නිලධාරීන්ට හා සෙබළුන්ට ලබා දෙනවා. උපායික කෝප්‍රල් සංකල්පය (ඉබපචබඥඨඪජ ඛ්ධපනධපචත) තුළින් යුද පිටියේදී අණදීමේ ක්‍රියා පිළිවෙත අප මනාව පුරුදු කරනවා."

"ඒ විතරක් නෙවෙයි. අද වනවිට අපි වගේම සතුරන් අන්තර්ජාලය ප්‍රයෝජනයට ගනිමින් යුද උපක්‍රම වගේම සැලසුම් ක්‍රියාත්මක කරනවා. සයිබර් අවකාශය අපට වැඩි ප්‍රයෝජනවත් විදියට පාවිච්චි කරන්නේ කොහොමද කියන දැනුමත් හමුදාවට අවශ්‍යයයි. අලුත් අවි ආයුධ ගැන දැන ගැනීමත් අවශ්‍යයි."

"අපේ බලාපොරොත්තුව ඒ හැමදෙයක් ගැනම හමුදා සේවයේ සිටින අලුත් සාමාජික සාමාජිකාවන්ට කියා දීමයි. ඒ පුහුණුව ඉතා වැදගත්."

"ඒක යුද හමුදාවට පමණක් නොවෙයි නාවික හා ගුවන් හමුදාවටත් සුවිශේෂයි."

"දැන් ඉස්සර වගේ යුද සැලසුම් හදන්න රූප සටහන් පමණක් ප්‍රමාණවත් නැහැ. ඒකට නවීන තාක්ෂණය අවශ්‍යමයි. යුද හමුදාවට එකතුවන මේ නිලධාරීන්ට හා සෙබළුන්ට ඒ පුහුණුව අපි ඉතා හොඳින් ලබා දෙනවා."
දියකාවා 2018 යුද අහ්‍යාසය ඇරඹුණේ පසුගිය සැප්තැම්බර් 06 වැනිදා මින්නේරියේදීය. එහි අවසන් දැක්ම එළැඹෙන 26 වැනිදා ත්‍රිකුණාමලය කුච්චවේලි හිදී පැවැත්වීමට නියමිතය.

"අපේ අරමුණ වුණේ විශේෂ ක්‍රියාන්විත බළකා සෙබළුන්ගේ යුද ශිල්පීය නිපුණතා සංවර්ධනය කර විශේෂ ක්‍රියාන්විත බළකායන් සංකල්පනාත්මක රාමුවක් තුළ ක්‍රමවත්ව යෙදවීමය. මෙම අභ්‍යාසය සැලසුම් කළේ ඒ අනුවයි."
"දැන් අපට හිතෙනවා අපි ඒ වුමනාව හා ඕනෑකම සාර්ථකව පවත්වාගෙන යනවා කියලා."

"අපේ රටේ හදිසි අවස්ථාවන් කියන්නේ යුද්ධයක් විතරක්ම නොවෙයි. ඒක වෙනත් විපතක්. එසේත් නැතිනම් ව්‍යසනයක් වෙන්න පුළුවන්. ඒ සඳහාත් අපි සූදානම්. ඉතිං ඒ සූදානමට ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ගෙන් ලැබුණු සහයෝගයත් ඉතා ඉහළයි. ඒ වගේම තමයි ත්‍රිවිධ හමුදා සෙබළුන්ගේ කැපවීම. ඒ පිළිබඳ අප ස්තුතිය පුද කළ යුතුයි.

සමන් ප්‍රියංකර නම්මුනිගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon