ප්‍රසන්නට සති හතරක් විමල්ට සති දෙකක් පාර්ලිමේන්තු තහනම්

  👤  3201 readers have read this article !
By mawbima 2018-09-23

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු, ජේ.ටී. ද සිල්වා

ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණවීර මහතාට සති 4ක් සහ ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතාට සති 2ක කාලයක් රැස්වීම්වලට සහභාගි වීම ඇතුළු පාර්ලිමේන්තු සේවය තහනම් කිරීමේ යෝජනා දෙක පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත විය. පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණවීර මහතාට සති 4ක කාලයක් පාර්ලිමේන්තු සේවය තහනම් කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 20කින් සම්මත විය.යෝජනාවට පක්ෂව ඡන්ද 41ක් හිමි වූ අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 21ක් පමණි.

පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතාට සති 2ක් පාර්ලිමේන්තු සේවය තහනම් කිරීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 39ක් ලැබුණු අතර එම යෝජනාවට විරුද්ධව ඡන්ද 21ක් හිමිවිය. ජූලි මස 3 වැනිදා පාර්ලිමේන්තුවේ රැස්වීම් පැවැත්වෙන විට සෙංකෝලය පැහැරගෙන යෑමට උත්සාහ කිරීමේ චෝදනාව ප්‍රසන්න රණවීර මහතාට එල්ල වී තිබුණු අතර එදිනම අශෝභන ලෙස කතා කිරීම යන චෝදනාව විමල් වීරවංශ මහතාට එල්ල වී තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon