පොලිස්පති පූජිත් ජයසුන්දර ඉවත් කිරීම ගැන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දෙක අතර තියුණු සටනක්

  👤  3240 readers have read this article !
By mawbima 2018-09-23

රුචිර දිලාන් මධුශංඛ

තපොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂ දෙක අතර තියුණු සටනක් නිමාණය වී ඇතැයි රජයේ ජේ‍යෂ්ඨ අමාත්‍යවරයකු ඉරිදා "මව්බිම"ට හෙළි කළේය.

ඉදිරියේදී පැවැත්වෙන ප්‍රධාන මැතිවරණ ඉලක්ක කර ගනිමින් මෙම ගැටලුව නිර්මාණය වී ඇති බවද හෙතෙම කීවේය.

පොලිස්පතිවරයාට විශ්‍රාම ගැනීම සඳහා තවත් වසර දෙකක කාලයක් ඇති බැවින් පළාත් සභා, ජනාධිපතිවරණ සහ මහ මැතිවරණ එම කාලය තුළ අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු නිසා මෙම ගැටලුව උත්සන්න වී ඇත.

දැනට සිටින පොලිස්පතිවරයා එක්සත් ජාතික පක්ෂයට පක්ෂපාතීව ක්‍රියා කරන බව සිතා එජාපයේ අමාත්‍යවරුන් අගමැතිවරයාට බලකර ඇත්තේ කිසිසේත් ඔහු ඉවත් නොකරන ලෙසය. ශ්‍රී ලනිප ඇමැතිවරුන්ගේ මතය වී ඇත්තේ මෙම පොලිස්පතිවරයා ඉවත් වුවහොත් ඊළගට පත්වන්නේ එම
පක්ෂයට ළැදි පොලිස්පතිවරයෙක් කියාය.

එම නිසා පොලිස්පතිවරයා ඉවත් කර නව පොලිස්පතිවරයකු පත් කළ යුතු බව ශ්‍රී ලනිප මැති අමැතිවරුන්ගේ මතය වී තිබේ.
මෙම තත්ත්වය තුළ දැනට සිටින පොලිස්පතිවරයා ඉවත් කිරීම සහ නව පොලිස්පතිවරයකු පත් කිරීම සම්බන්ධයෙන් ගැටුම් ඉදිරි කාලය තුළ තවදුරටත් උග්‍ර වන බවද එම අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon