අංක තහඩු මුද්‍රණය දීර්ඝ කළේ කැබිනට් අනුමැතියෙන්-මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්

  👤  3256 readers have read this article !
By mawbima 2018-09-23

වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ ටෙන්ඩර් කාල සීමාව අවස්ථා තුනකදී දීර්ඝ කිරීමට සිදුවූයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි. 'අංක තහඩු ටෙන්ඩරය රැක ගන්න මෝටර් රථ නිලධාරීන්ට කෝටි ගණන් පගාව දීලා' යන මැයෙන් 2018.09.16 දින 'ඉරිදා මව්බිම' පුවත්පතේ පළවූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් කොමසාරිස් ජනරාල්වරයා කරුණු පැහැදිලි කරන ලියුමක් එවමින් මේ බව කියා සිටී. නව ප්‍රසම්පාදන ක්‍රියාවලිය මඟින් තෝරාගත් සැපයුම්කරුට එරෙහිව සෙසු අයදුම්කරුවන් අභියාචනා ඉදිරිපත් කර ඇති බවත් එම කරුණු සලකා බලා 2017.05.06 වැනි දින අදාළ ටෙන්ඩරය අවලංගු කර ඇති බවද කොමසාරිස් ජනරාල්වරයා එමඟින් පෙන්වා දී තිබේ.

නැවත ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවද හෙතෙම සිය ලිපියේ සඳහන් කරයි. වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය වසර 15ක පමණ කාලයක් එකම ආයතනයකට ලබාදී ඇතැයි පසුගිය සතියේ 'මව්බිම' කළ හෙළිදරව්ව වැරැදි බවද කොමසාරිස් ජනරාල්වරයා එවා තිබූ ලියුමෙන් වැඩිදුරටත් පවසා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon